Wed. Jul 2nd, 2025

රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කර තිබේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

By Aloka