Sat. Jul 27th, 2024

ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට හැකිනම් එය මෙරට පොල් කර්මාන්තයේ දියුණුවට වැදගත් වන බවත් ඒ සඳහා මේ වන විට පොල් ශාකයේ ජානමය ලක්ෂණ සලකා බලමින් මෙරටට ආවේණික බව තහවුරු කර ගැනීමට හැකියව පවතින්නේද යන්න පිළිබඳ අවධානය යොමුව ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

අනෙකුත් රටවල හටගන්නා පොල්වල ඇති ගුණාත්මක බවට සාපේක්ෂව මෙරට පොල්වල අඩංගු ගුණාත්මක සංඝටක ඉහළ මට්ටමක පවතියි.ඉන්දුනීසියාව වැනි රටවල පොල් ගෙඩියෙන් ලබාගත හැකි පොල් කිරි ප්‍රමාණය මෙරට පොල්වලින් ලබාගතහැකි පොල් කිරි ප්‍රමාණයට වඩා 30%කින් පමණ අඩුය. එමෙන්ම මෙරට පොල් වල අඩංගු ප්‍රාථමික සහ ද්විතීක සංඝටක ප්‍රමාණය ඉහළ බැවින් එහි ඇති ඖෂධීය බවද ඉහළ මට්ටමක පවතියි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *