ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්.

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.තරඟාවලිය අගෝස්තු මස 16 19 දින දක්වා ‘A-2 Arena Crawley,’ ලන්ඩන්හිදී පැවැත්විණි. ඒ සඳහා රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.රටවල් 30 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් තරඟවැඳී අත්දැකීම් සම්භාරයක් රැස්කරගෙන ඇති මෙරට වඩාත් පළපුරුදු ජාත්‍යන්තර මට්ටමේ ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙකු වන මේජර් ආර්.බී.එන්. රත්නායක 2016 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *