Sat. Jul 27th, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉදිකර ඇති මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවසක මාසික කුලිය වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් බව හෙලිවී තිබේ.

ජාතික විගනන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාව දැක් වන්නේ දැනට වසර 30ක පමණ සිට අය කරනු ලබන්නේ මෙම ගාස්තුව බවයි.

මෙම කාලය තුළ කුලී ගාස්තුව කිසිදු සංශෝධනයක් කිරීමට කටයුතු කර නැති බවද වාර්තාවේ දැක්වෙයි.

1993 වසරේ මැයි මස 28 වැනිදා පැවති දින මෙම නිවාස කුලී මුදල අය කරන බවද විගණන වාර්තාව හෙළි කරයි.

එමෙන්ම එම නිල නිවාස වල ජල විදුලි හා දුරකථන බිල්පත් සඳහා තැන්පතු අය කරනු ලබන්නේ ද රුපියල් 1000ක මුදලද කාලීනව සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබූ බවද වාර්තාව හෙළි කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *