වැස්සට හසු වූ රාජ්‍ය සේවකයන්ට නිවාඩුවක්.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවට එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධරයන් සඳහා පමණක් මෙය වලංගු වේ.

ඒ අනුව අදාළ විශේෂ නිවාඩු ලබා ගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කර එය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාම නිලධාරිවරයාගේ නිර්දේශය සහිතව ආයතන ප්‍රධානියා වෙත් ඉදිරිපත් කළ යුතු වේ.

ඉන් අනතුරුව ආයතන ප්‍රධානියා විසින් එම ඉල්ලීම් පරික්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබද සෑහිමකට පත් විය හැකි නම් පමණක් මෙම විශේෂ නිවාඩු ලබාදෙනු ලැබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *