වෙන්දේසියට පෙර කෝටි 15කට අලෙවි වූ ක්‍රීඩකයා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් මුදා හැරීමේ සහ රඳවා ගැනීමේ අවසන් දිනය වන අද (26) දිනයේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් මෙම ගිවිසුම අත්සන් කර ඇත.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ලීග් ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 15ක් බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම විශාල ගනුදෙනුවේ වටිනාකම පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම වෙළඳාම සඳහා විධිමත් අනුමැතියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අයි.පී.එල් කමිටුව විසින් ලබා දී ඇති බව වාර්තා වෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *