වෙන කෙනෙක් කසාද බදින්න බෑ කියා සිය දිවි න#සාගත් පෙම්වතියගේ දේහය ළඟට පෙම්වතා හොරෙන් ඇවිත් බෙල්ලේ රත්‍රං පළඳවලා.

වෙන කෙනෙක් කසාද බදින්න බෑ කියා සිය දිවි න#සාගත් පෙම්වතියගේ දේහය ළඟට පෙම්වතා හොරෙන් ඇවිත් බෙල්ලේ රත්‍රං පළඳවලා.

ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් බලවත් සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් ගෙළ වැලලාගෙන මිය යාමෙන් පසුව ඇගේ පෙම්වතා තරුණියගේ නිවසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි කොඩියක් බැදීමේ සිද්ධියක් යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙලී සිටි අතර ඊට තරුණියගේ දෙමව්පියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබෙනවා.

නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහර ලබා ගැනීමේ සිද්ධියක් තරුණියගේ දෙමව්පියන්ට සැලවීමෙන් පසුව ඒ ගැන දැඩි ලෙස කිපුණු දෙමව්පියෝ ඇයට පහර දී තරවටු කොට තිබෙනවා.

සිත් තැවුලට පත් තරුණිය සිය දිවි හානි කර ගැනීමෙන් පසුව නිවසට පැමිණි තරුණයා තරුණියගේ මළ සිරුරේ ගෙලට තාලි කොඩියක් බැද නිවසින් පිටව ගොස් තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *