සරසවි සිසුවාගේ දාන පාරමිතාව.

මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මව්පියන් තීරණය කර තිබේ.

මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන තොරතුරු ඇසෙන්නේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයෙනි.

23 හැවිරිදි වියේ පසුවන ඉසංක රණසිංහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයයන කටයුතු නිමවී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇදවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වෛද්‍යවරුන් සිසුවාගේ මව්පියන් වෙත දැනුම්දී ඇත්තේ සිසුවාගේ මොළය මියගොස් ඇති බවය.

වෛද්‍යවරුන්ගේ දැනුම්දීමත් සමග ඉසංක මීට පෙර සඳහන් කර තිබූ අයුරින් ඔහුගේ සියලු අවයව දන්දීමට මව්පියන් වෛද්‍යවරු වෙත සිය එකඟතාව පළකර තිබේ.

ඒ අනුවයි ඉසංකගේ වකුගඩු දෙක, හෘදය, අග්න්‍යාසය සහ අක්මාව රෝගීන් පස්දෙනෙකු සඳහා බද්ධකිරීමට ලබා ඇත.

මීට අමතරව ඉසංකගේ ඇස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ලබාගෙන ඇති අතර ඔහුගේ සම රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම රෝගීන් සඳහා ලබාගැනීමට දන්දීමට පියවර ගෙන තිබේ.

පොළොවට පස්වන සිරුරින් ජීවත්වන මිනිසෙකුට ජීවිතය දෙන්න ඉසංක ඔබ කළ පරිත්‍යාගය සදා අමරණීයයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *