සිනොපෙක් සමාගමට ඉන්ධන මිල අඩු මිලට දෙන්න අවසර දෙයි.

සිනොපෙක් සමාගමට ඉන්ධන මිල අඩු මිලට දෙන්න අවසර දෙයි.

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍ර ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *