සියලු දෙනා කම්පාවට පත් කරමින් ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා දිවියට සමු දෙයි.

මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලිය⁣දේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.

මෙම අකල් මරණයට ගොදුරුව ඇත්තේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි.

ඔහු පෙරේදා (7) රාත්‍රියේ නිවසේ නිදා සිටියදීම මරණයට පත්ව සිටි බව පොලීසිය පවසයි.

මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් දෙවැනි වරටද පෙනී සිට ඇති අතර එම විභාගයට පසුගියදා නිකුත් කරන ලද ප්‍රතිඵල වලට අනුව ඔහු බී සාමාර්ථ තුනක් ලබමින් විභාගයෙන් සමත්ව සිට ඇත.

උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිට ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *