අඹු සැමි යුවලක් පාසල් වේලාවේ විදුහල්පතිට ඇඟේ හයිය පෙන්වයි.

0
136

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව අද සවස කුරුණෑගල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි.

අඹුසැමි යුවලක් ්‍ විදුහලට පැමිණ එහි ගුරුවරියක් සමග කතා කතාබස් කරමින් සිටියදී පාසල් වේලාවේ කතා බස් නොකරන්නැයි විදුහල්පතිවරයා අඹුසැමි යුවළට අවවාද කර අඹුසැමි යුවළ සමඟ කතා කතාබස් කරමින් සිටියේ යැයි කියන ගුරුවරියට ද පන්තියට ගොස් උගන්වන ලෙස දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ අවවාද කිරීමෙන් පසු කෝපයට පත් වූ බව කියන කාන්තාව විදුහල්පතිගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට දිගට හරහට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පහරදීම වැළැක්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාට කාන්තාවගේ සැමියා හෙල්මටයකින් පහර දී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඒ අවස්ථාවේ කාන්තාව පැළඳ සිටි රන් මාලය කැඩී බිම වැටී ඇති අතර විදුහල්පතිවරයා එම මාලය අහුලාගෙන පොලිසියට බාරදී තිබේ.

එම කාන්තාවගේ සහෝදරියකගේ දරුවා එම පාසලේ ඉගෙනුම ලබන අතර එම දරුවාගේ මව විදෙස්ගතව සිටින බව කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here