Thu. Sep 19th, 2024

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම පැවසීය.

මේ වන විට සීග්‍රයෙන් අති විශාල ආකාරයට ඉහළ දමා ඇති එළවලු බිජ මිල පහත හෙලා බීජ මාෆියාව මර්ධනය කොට රටට ගැලපෙන දේශීය බිජ හඳුන්වා දීම සිදු නොකළහොත් ඉදිරියේ දී බරපතල ප්‍රශ්නවලට මෙරට ජනතාව මුහුණ දෙන බව ඔහු සඳහන් කළේය.

දිනෙන් දින ඉහළ යන බීජ මිල පාලනය කිරීම සඳහා රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වගකිවයුතු කිසිදු අයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම අනතුර පෙන්වා දීම සදහා ඇළහැර ප්‍රදේශයේ පිහිටි ඔහු විසින් පවත්වාගෙන යන සොබා දහම ගොවිපළේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම බීජ මාෆියාව පිළිබඳව හෙළිදරව් කරන පිරිස් මාධ්‍යවේදීන් පරිසරවේදීන් ඕනෑම අයෙකුට දැඩි ජීවිත තර්ජන එල්ල වීමේ අවදානමක් පවතින බවත් මෙම බීජ ජාවාරම පිළිබඳව තමන් දිගින් දිගටම සිදු කරන හෙළිදරව් නිසාවෙන් තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බවද පෙන්වා දෙන තිලක් කන්දේගම කියා සිටියේ තමන් මෙම බීජ මාපියාව පිළිබඳව ජනතාව දැනුවත් කොටස වීරයෙකු ලෙස ඝාතනය වීම පිළිගන්නා බවය.

කැරට් මිල ඉහළ යෑම සඳහා කාලගුණය හෝ දේශ ගුණය වැස්ස කිසිදු බලපෑමක් සිදු නොවූ බවද පෙන්වා දුන් ඒ ඔහු කියා සිටියේ මෙහි යටි අරමුණ කවුරු හෝ කැරට් විදේශ රටකින් ගෙන්වීම සඳහා උත්සාහක නිරත වූ බවය.

මෙහිදී දේශීය බීජ වර්ග කිහිපයක් මාධ්‍ය හමුවේදී පෙන්වමින් ඔහු ඇත් දළ බණ්ඩක්කා කරලක් අතට ගෙනෙ එහි වර්ධනය පිළිබඳවත් ඉතා පහසුවෙන් වසර තුනක පමණ කාලයක් යනතුරු අස්වැන්න ලබා ගැනීමට හැකියාව තිබෙන බවත්  පෙන්වා දෙන්නට විය.

මෙවැනි බීජ ඕනෑ තරම් රට පුරා තිබියදී මැලේසියාවෙන් ගෙන්වා සිදු කරන මෙම ක්‍රියාවලිය නිසා ගොවියා ගොවිතැනින් ඉවත්වීම දිනෙන් දින සිදුවන බවය.

මෙරට බිජ පනත ක්‍රියාත්මක කොට බිජ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අකර්මණ්ය කිරීම සිදුකොට ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි බීජ වෙළඳපොළ හැසිරවීම සඳහා පරිසරය නිර්මාණය කර දී ඇතැයි චෝදනා කරන්නට විය.

එක ගහක කරල් හයක් හැදෙන බඩ ඉරිඟු ඇට ලංකාවේ තිබෙන බව ඔහු බඩ ඉරිඟු කරල් කිහිපයක් පෙන්වා දෙමින් සඳහන් කළේය. ඖෂධ ජාවාරම පිළිබඳව කතා කරන බොහෝ දෙනාට සිදුවූයේ ද ජීවිත අවධානම බවත් සේනක බිබිලේ වැනි අයට සිදුවූයේ එවැනි දේ බවද හෙතෙම පැවසිය.

එම නිසා මෙම බීජ මාෆියාව පිළිබඳව කතා කරන ඕනෑම අයෙකුට එවැනි ඉරණමකට මුහුණ පෑමට සිදුවන බවද පෙන්වා දුන්නේ.

එළවලු වර්ග කිහිපයක බිජ කිලෝ එකක මිල සඳහන් කරන්නට වූ ඒ ඔහු කියා සිටියේ එක් ගසකින් වසර තුනක් පමණ අස්වනු නෙළා ගැනීමට හැකි දීවයිනේ ඕනෑම තැනක වගාවෙන වම්බටු බීජ කිලෝ එකක් රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලකට වෙළෙඳපොලේ අලවිවන බව ඔහු සඳහන් කලේ දැඩි කනස්සල්ලකින් යුතුවය.

එමෙන්ම දිවයිනේ ඕනෑම ස්ථානයක වගා කළ හැකි මිරිස් බීජ කිලෝ එකක් රුපියල් තුන් ලක්ෂ දොළොස් දහසක් ද එමෙන්ම තක්කාලි බීජ කිලෝ එකක් පන්ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.  

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *