හමුදා පුහුණුවීමක් අතරතුර මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් කඩා වැටෙයි.

0
80

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා.

එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව තිබෙනවා.

එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here