ඩයලොග් – මොබිටෙල් ඒකාධිකාරිය අවසන් කරමින් ස්ටාර්ලින්ක් මෙරටට ලබා දීමේ පරීක්ෂණය සාර්ථක වෙයි.

Starlink Internet කියන්නේ මොකක්ද කියා හොදින්ම දන්නවා. සරලවම මෙය අධිවේගි අන්තර්ජාල පහසුකම් ලොව ඕනෑම ස්ථානයක් සඳහා රැහැන් රහිතව ලබා දීම සඳහා SpaceX සමාගම විසින් ක්‍රියාත්මත කරන ව්‍යාපෘතියක් වනවා.

ඒ වගේම පසුගිය සමයේ මෙය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ නාවික යාත්‍රා සඳහා මේ Starlink Internet සේවාව ලබා ගැනීමට අදහස් කර තිබෙන අතර ඒ සඳහා සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ට UTA 222 Outdoor Dish එක සහිත Starlink Kit එක ලැබී තිබෙනවා.

ඒ අනුව මෙහි පරික්ෂණ කටයුතු මසක් පුරාවටම “ගජබාහු” නාවික යාත්‍රාව සමගින් සිදු කර තිබෙන අතර එහිදි ඔවුන්ට මේ ඔස්සේ 11.9MB/s (~100Mbps) දක්වා වු Download Speed එකකුත්, 2.65MB/s (~22Mbps) දක්වා වු Upload Speed එකකුත් ලබා ගැනීමට හැකියාව ලැබි තිබෙනවා. මේ සඳහා ඔවුන්ට මසක කාලයත් සඳහා භාවිත කිරීමට ඩොලර් 250ක මුදලකට 50GB ප්‍රමාණයක් හිමිවී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවටම අයත් “සමුදුර“ නාවික යාත්‍රාවට තවත් මසක කාලයක පරික්ෂණ කටයුතු සඳහා මේ උපාංග කට්ටලටයම ලැබි තිබෙනවා.

ඒ වගේම ඔවුන් විසින් වැඩි දුරටත් සඳහන් කර සිටියේ තවමත් මේ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නොමැති බවත්, තවමත් මෙහි පරික්ෂණ කටයුතු ඔවුන්ගේ නාවික යාත්‍රා සමඟින් සිදු කරන බවයි.

මෙම පරික්ෂණ කටයුතු සාර්ථක වී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ Starlink සේවාව භාවිත කිරීම ආරම්භ කළ හොත් එය මෙරට අන්තර්ජාල සේවා ලබා ගැනීමේ නව හැරවුමක් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. එය සාර්ථක වුවහොත් ඉදිරියේදී සාමාන්‍ය ජනතාව සඳහාත් මේ Starlink සේවාව භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මේ හරහා බලාපොරොත්තු වන්න පුලුවන්.

Source – Android Wedakarayo

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *