Thu. Sep 21st, 2023

අවුරුද්දක් පමණ වයසැති දියණිය සමඟ මවක් වැවකට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ, ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක් සහ ඇයගේ අවුරුද්දක් වයසැති දියණියයි.

සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදුවන බවට මියගිය කාන්තාව විසින් පිටු තුනක ලිපියක් ලියා තිබේ.

එම ලිපිය, විවාහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත නිවස අසල ඇති වැව ළඟ තබා මියගිය කාන්තාව අද (23) උදෑසන පුංචි සිඟිත්තිය සමග වැවට පැන ඇති බව ලිඳුල පොලීසිය සඳහන් කළේය.

මවගේ සිරුර වැවෙහි පාවෙමින් ඇති බවත්, සිඟිත්තියගේ සිරුර වැවෙහි අතුරුදන්ව ඇති බවත් පොලීසිය පැවසීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *