Fri. Sep 20th, 2024

පසුගිය සිකුරාදා (12) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798කට අධික බව නාවික හමුදා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි ග්‍රෑම් 906ක් එහි තිබූ බවයි.

එමෙන් ම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83යි ග්‍රෑම් 582ක් මෙම තොගය අතර තිබූ බව සඳහන්.

ලද බුද්ධි තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේ දී මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ලාංකීකය සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමට පැමිණි තවත් යාත්‍රාව සිටි සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ කිලෝමීටර් 246ක් දුරින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඊයේ (13) ගාල්ල වරායට රැගෙන ආ බව සඳහන්.

අදාළ බහුදින යාත්‍රාවේ උර 17ක් තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කර ඇති බව සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය ගාල්ල වරයාට ගෙනවිත් පරීක්ෂා කර තිබූ අතර එහි දී අනාවරණ වූයේ උර හතරක් තුළ හොරොයින් පැකට් 76ක් තිබූ බවයි.

උර 13ක පැකට් 129 අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඉදිරි නීතිමය පියවර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

නාවික හමුදාව විසින් 2024 වසරේ මේ දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම් තුළින් රුපියල් මිලියන 9300කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *