Sat. Apr 19th, 2025

වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මේ වන විට එහි වහලය දිරාපත් වෙමින් පවතින බවත් බොහෝ ස්ථාන වලින් ජලය කාන්දු වන බවත් එහි සේවයේ නියුතු පාර්ලිමේන්තු නිලධාරීන් පෙන්වා දෙනවා.

එසේම එහි වැහි පීලි රැසක්ද දිරා ගොස් ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර පොලිස් පරීක්ෂා මුරපොලේ වහලයේ කොටසක්ද පසුගියදා හදිසියේ කඩා වැටී තිබෙන අතර බොහෝ කාලයකින් ප්‍රතිසංස්කරණය නොකිරීම මීට හේතුව බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීරණයේ පුළුල් ප්‍රතිස්කරණයක් වසර 40කින් පමණ සිදුව නැතැයිද පා්ලිමේන්තු සභාගර්භයේ බොහෝ උපකරණද භාවිතා කල නොහැකි මට්ටමට පැමිණ ඇතැයිද පාර්ලිමේන්තු නිලදාරීන් පවසනවා.

By Aloka