Mon. Sep 23rd, 2024

මේ කියන්න යන්නේ මීට වසර 4කට පෙර අපි කාටත් අත්විඳින්න ලැබුණ භයානක අත්දැකීමක් ගැන කතාවක්..

කොවිඩ් කියන්නේ ලෝක වසංගතයක්..

ඒ ගැන ලෝකයට නිල වශයෙන් අනාවරණය වන විටත්, ගොඩක් දෙනෙක් ඒ නිසා බියට පත්වෙලා.. ඒ වගේමයි වසර 4කට පස්සේ මුල්වතාවට මේ ගැන මාධ්‍යයට අනාවරණය කළ මාධ්‍යවේදිනියට මොකද වුණේ..?

මේ ඒ ගැන ඇහෙන කතාවයි.. චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය ගැන නැවතත් කතාබහක් ඇති වෙලා.. මේ වන විට නිදහස ලබාදීමට සූදානමක් පවතින බවයි ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ..

හිටපු නීතිඥවරියක වන ෂං ෂාන් නමැති එම මාධ්‍යවේදිනිය වසර 2020 මැයි මාසයේදී අත්අඩංගුවට පත්වී ඇත්තේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ චීන රජයේ ප්‍රතිචාර සොයා බැලීම සඳහා වූහාන් නගරයට ගොස් එහි තොරතුරු වීඩියෝ ගතකර සමාජ මාධ්‍යජාලයට මුදා හැරීම හේතුවෙන් බවයි වාර්තා වුණේ..

සිරගතවි සිටින අතරතුර ඇය නිදහස වෙනුවෙන් උපවාසයක නිරතව සිටි බවත්, එම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඇය දුර්වල තත්ත්වයෙන් පසුවූ බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත්, වුහාන් නුවරට ගොස් කොවිඩ් වසංගතය පිළිබඳ ගවේෂණයක නිරත වීම සිර දඬුවමට ලක්වීමට ඇය විසින් සිදු කරනු ලැබූ අපරාධය බව ඇයට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළ බව ද ඇගේ සහායක නීතිඥවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

ෂං ෂාන් නැමති මේ මාධ්‍යවේදිනිය සිර දඬුවමින් නිදහස් වුවද, මාස තුනක පමණ කාලයක් ගතවනතුරු ඇයට කිසිදු පුද්ගලයකු සමඟ සම්බන්ධතා පැවැත්වීමටත්, බාහිර ලෝකය සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ..

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *