Mon. Sep 23rd, 2024

පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.

ඒ ලොව ලොකුම තොරණ ලෙසයි. එමෙන්ම පසුගිය 2023 වසරේදී එය ශ්‍රී ලංකාවේ විශාලම තොරණ ලෙසද අභිශේක ගනු ලැබුවා.

පුවක් කොට යොදා ගනිමින් දැනට ඉදිකෙරෙමින් බවති මෙම තොරණ සඳහා මෙවර පුවක් කොට 400කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවයි එම තොරණේ නිර්මාපකයින් පවසන්නේ.

මෙවර පුන් පොහෝ දින සිට නන්දිවාණිජ ජාතක කතා වස්තුව පිලිඹිබු කරන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා බොහෝ පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් වැඩ කටයුතු කරනු ලබනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙහි ප්‍රධාන නියමුවා වන පානදුර එක්සත් පොදු වෙළඳපොල බෞද්ධ සමිතියේ සභාපති දේශබන්දු ලංකාපුත්‍ර මහේෂ් ප්‍රනාන්දු පවසන්නේ මෙවර තොරණ අඩි 82ක් උසින් සහ අඩි 86ක් පළලින් යුක්ත බවයි.

තොරණ අලංකාර කිරීම සඳහා විදුලි බුබුලු එක්ලක්ෂ දසදහසකට ආසන් ප්‍රමාණයක් උපයෝගි කර ගත් බවත් ඔහු පවසනවා.

තවද බුරුමය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල් වලද තොරණ් ඉදිව ඇති නමුත් මෙතරම් විශාල තොරණක් ඉදිව නොමැති බවත් මේ හේතුව මත මෙම තොරණ ගිනස් වාර්තා අතරට ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඔහු පවසනවා.

තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් ප්‍රකට කලාකරුවෙකු වන වර්ණගේ සසිත චතුරංග කටයුතු කරනු ලබනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *