Tue. Jul 8th, 2025

දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසනවා.

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි.

සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

By Aloka