Thu. Sep 19th, 2024

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කළේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවය.

දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *