Fri. Sep 20th, 2024

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග වුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *