Fri. Sep 20th, 2024

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.14 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත පාලම ආසන්නයේ, කොමර්ශල් බැංකු ATM යන්ත්‍රය අසල දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයකු මුදල් රුපියල් 202,930.00 ක්, ජංගම දුරකථනයක් සහ යතුරු පැදිය සමඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී එම පුද්ගලයා දැනට ISIS සංවිධානයට අධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීම සම්බන්ධව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු වන අබ්දුල් රහීම් මොහොමඩ් රස්ඩීන් (රවුෆ්ඩීන්) නැමැත්තා සමග සමීප සබදතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *