Thu. Sep 19th, 2024

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) දිනයේ සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.

එසේම අනුරාධපුරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා.

මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනුරාධපුර නගරය අපවිත්‍ර නොකර වන්දනාමාන කටයුතු සිදුකරන ලෙසයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *