රට පුරා දන්සල් 18,207ක්.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක් (18207) ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ලියාපදිංචි කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම දන්සල් පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

බීම වර්ග සහ අයිස්ක්‍රීම් දන්සල් නවදහස් හාරසිය විසිපහක් (9425) සහ බත් දන්සල් ඇතුළු වෙනත් ආහාර දන්සල් අටදහස් හත්සිය අසූ දෙකක් (8782) ක් මෙම දන්සල් අතර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති. නිසි ලෙස ආහාර ගබඩා කර නොතිබීම, සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පිළියෙළ කිරිම සහ පිළිගැන්වීම නොකිරීම වැනි කරුණු සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් පසුවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

දන්සල් ලබාදීමෙන් පසුව එම ස්ථානවලින් කුණු කසළ නිසි ලෙස බැහැර නොකළහොත් නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. එසේම දන්සල්වලින් එකතුවන කසළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට ලබාදීම සිදු කිරීමට කටයුතු කළ යුතුයි.

එහිදී දිරන නොදිරන ලෙස කසළ වෙන් කර එම ආයතනයට ලබාදීමක් සිදුකිරීමට වගබලා ගතයුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *