Fri. Nov 15th, 2024

එල්පී ගෑස් යනු වර්තමානයේ බොහෝ දෙනාගේ එදිනෙදා කාර්යයන් සාර්ථකව කරගෙන යාම සඳහා සහාය දක්වන අත්‍යවශ්‍ය භාණ්ඩයක්.කර්මාන්තාංශයට නිෂ්පාදන අංශයට ඒවගේම වගේම දෛනික ජීවිතය පවත්වාගෙනයාමටත් එල්.පී ගෑස් මූලික වශයෙන් ප්‍රයෝජනවත් වේ.

මේ ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමේදී බහුතරයක් දෙනා වැරදි පිළිවෙත් අනුගමනය කිරීම සිදු කිරීම නිසා පහුගිය කාල සීමාවේ විවිධ අනතුරු පිළිබඳවත් අපිට අහන්නට සිදුවුණා.ඒ නිසාම එල්පී ගෑස් භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න තමයි මේ සූදානම.

සාමාන්‍යයෙන් ගෑස් උඳුනක් භාවිතා කරන්නේ මුළුතැන් ගෙය ඇතුළත නිසා රාත්‍රී කාලයේ මුළුතැන් ගෙය වැසීම සිදු කරයි. එම නිසා වසා තැබූ මුළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත කිරීමටත් ප්‍රථම ඔබ ගෑස් ලිප ක්‍රියාත්මක නොකළ යුතුයි.හේතුව රාත්‍රී කාලයේ ගෑස් කාන්දු වීමක් සිදුවුවහොත් එමඟින් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ විශාල නිසයි. එමෙන්ම ගෑස් උඳුන සහ ගෑස් සිලින්ඩරය ස්ථානගත කරන විට විදුලි රැහැන් විදුලි පේනු වැනි දේ සවිකර ඇති ස්ථානවල ඒ ස්ථානගත කිරීමෙන් වැළකිය යුතුය.

ඊට අමතරව බහුතරයක් දෙනාට නිසි පරිදි ක්‍රියාත්මක වන ප්‍රමිතියෙන් යුත්ත රෙගුලේටර් භාවිතා කිරීම පිළිබඳව පලපුරුද්දක් අත්දැකීමක් නැහැ.එම නිසාම ගෑස් කාන්දු වීම් සිදුවිය හැකිය.එම නිසා ගෑස් භාවිතා කිරීමේදී රබර් නලය රෙගුලේටරය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වේද එහි පැවැත්ම කෙසේද යන්න පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුය.

එමෙන්ම ගෑස් උදුනේ දැල්ල නිල් පැහැයෙන් යුක්ත විය යුතුය.කහ හෝ තැඹිලි පාටින් ගෑස් දෑල්ල පවතී නම් ඔබ වහාම ඔබේ ගෑස් උඳුන පරීක්ෂා කරවා ගත යුතුය. ඊට අමතරව ඔබ ගෘහණියක් නම් ගෑස් සිලින්ඩරය අසල ආහාර පිසීමේදී දුහුල් සිනිදු ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය.ඒ තුළින් ගෑස් කාන්දු වීමකදී ඇතිවෙන ගින්නකදී ඔබටම ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබේ. ගෑස් උඳුනක් භාවිතා කිරීමේ දී ගෑස් කාන්දු වීමක් සිදු වුනහොත් එයින් වැළකෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔබ දැනුවත් වීම මගින් අමතර ආරක්ෂාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *