වර්තමානයේ බොහෝ දෙනා එදිනෙදා ජීවිතයේදී ආහාර පිසීමේ කටයුතු ඇතුළු නොයෙකුත් වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා LP ගෑස් භාවිතා කිරීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා.
නමුත් LP ගෑස් භාවිතා කිරීමේදී අපි මූලික වශයෙන්ම සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ තමයි කිසියම් හෝ හදිසි අවස්ථාවකදී ගෑස් කාන්දු වීමක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් මුහුණ දිය යුතු නිසි පිළිවෙල.
පසුගිය කාල සීමාවේදී විවිධ ගෑස් කාන්දු වීමේ සිදුවීම් මගින් ජීවිත අනතුරු සිදු වුණේ මේ පිළිබඳව මූලික දැනුමවත් ඔවුන් සතු නොවූ නිසයි. සාමාන්‍යයෙන් ගෑස් කාන්දු වීමක් සිදුවන අවස්ථාවේදී ගෑස් සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයි.
එම නිසා ගෑස් සිලින්ඩරයක් ගබඩා කිරීමේ දී, එය පහසුවෙන් ඉවත් කිරීමට හැකි තැනක තැබීමට ඔබ තීරණය කළ යුතුය. එසේම ගෑස්, සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ඔරිජිනල් බටයක් විය යුතු අතර එය ආදේශකයක් නොවිය යුතුය. එය ආදේශක බටයක් වුවහොත් ඒ තුළින් ගෑස් කාන්දු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
ගෑස් සිලින්ඩරයකට ගිනි ඇවිළීමේදී ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.
එනම් සිලින්ඩරය ගෑස් කාන්දු වීමත් සමගම ගිනි ගැනීමට ලක්වීම.
ගෑස් කාන්දු වුවත් සිලින්ඩරය ගිනි නොගැනීම.
මේ අතරින් දෙවැනි අවස්ථාව එනම් ගෑස් කාන්දු වුවත් සිලින්ඩරය ගිනි නොගැනීම භයානක අවස්ථාවකි. එම නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඔබේ ආරක්ෂාව අංක එක බවට පත් කර ගනිමින් කටයුතු කළ යුතුය.