Mon. Sep 16th, 2024

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, දැනට මාර්ගවල රථවාහන ගාල් කිරීම කළමනාකරණයට කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන ක්‍රමය වෙනුවට එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවයි.

බොහෝවිට තව මාස 3ක් වගේ කාලයක් තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව ඔහු සඳහන් කළා.

කලාපය තුළ රථවාහන ගාල් කිරීම ක්‍රියාත්මක කිරීමේ දී අදාළ කලාපය තුළ පැයක් ඇතුළත ස්ථාන දෙක තුනක වුවද ගාල් කිරීමේ වාසිය රියදුරන්ට ලැබෙන බව ඔහු පවසනවා.

රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවද රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *