Author: Paththare Digital
-
හිරුණිකාට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම්.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.
-
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි. ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
-
මහේලගේ සමුගැනීමට හේතුව ඉහළම නිලධාරියකු සමග මතබේදයක්.
මහේල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම නිසා බව වාර්තා වනවා. උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු අතර කලක පටන් සීතල යුද්ධයක් පැවතුනා. ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා…
-
ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. මේ හේතුවෙන් ඉතා තද සුළං ඇති විය…
-
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට නැවත අවදානය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ද කීය. ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරය ලෙස පවත්ගෙන යන තෙල් ටැංකි 61 කින් යුත් එම…
-
ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රී 8.00ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.
-
ගුරු විදුහල්පතිවරුන්ට ජල ප්‍රහාර.
ගුරු – විදුහල්පති විරෝධතාව විසුරවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදීයි. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළා. එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි නියෝගයක්ද නිකුත් කර තිබුණා. ගුරු විදුහල්පති විරෝධතාවය හේතුවෙන්…
-
විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවල ගුරුවරු වෙච්ච හැටි.
ලංකාවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවයි. අද පවතින තරගකාරී විභාග ක්‍රමය හේතුවෙන් දෙමාපියන් විශාල මුදලක් වියදම් කර තම දරුවන් උපකාරක පන්තිවලට යොමුකරන බවත් විශේෂයෙන්ම…
-
මැති ඇමතිවරුන් පනස් හයක් නවාතැන්වලට පොලු තියලා.
මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වනවා. පසුගිය 2015 වර්ෂයේ සිට එන ලක්ෂ දාහතරකට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව වාර්තාවේ දැක්වෙනවා. මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට…
-
බිරිඳ අනියම් පෙම්වතා සමග එනවා දැක “හොල්මන් මන්දිරයක” මළ සිරුරක් නැගිටලා.
සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස් දෙනකු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. අදාළ කාන්තාව සහ මෘත දේහ ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව…
