Author: Paththare Digital


  • වාහන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම.

    රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ඉල්ලා සිටියේ අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන…

  • පාස්කු සිදුවීමට වසර 5ක් සපිරෙයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක්…

  • කිසියම් ප්‍රවේශයක් නොමැතිව ගැබ්ගත් දැරියක්

    හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි අවුරුදු 13ක බාලවයස්කාර පාසල් සිසුවියක් ගැබ්ගෙන ඇති අතර ඇය ගැබිණියක් වූ ආකාරය ගැන අධිකරණ වෛධ්‍ය නිලධාරීවරයාට හෝ තවම සොයාගැනීමට නොහැකී තත්ත්වයක පවතින බව වාර්තා වෙයි. පසුගිය 18 වැනි දින උදරයේ වේදනාවක් තිබෙන බව කියමින් මෙම දැරිය කුළියාපිටිය මහ රෝහලට ඇතුලත්ව ඇති අතර දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය ගැබිනියක බවට තහවුරු…

  • පාලිතගේ හඬ පට තොගයක් රන්ජන් ළඟ.

    අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හඬ පට රැසක් තමන් සතුව පවතින බව රන්ජන් රාමනායක මහතා පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය අවස්ථාවේ දී ශෝක ප්‍රකාශයක් සිදු කරමින්. එම කටහඬ නැවත කිසි දිනක ලබාගත නොහැකි වුවත් තමන් සතුව එය සුරැකිව තිබෙන බව ද රන්ජන් රාමනායක මහතා කියා සිටියා. ”කෙනෙක් මගෙන්…

  • ලෝක විවාහක රූ රැජින තරගයට යන තුෂාරි.

    අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 තරගාවලිය සඳහා (Queen of the World Pageant) ලංකාව නියෝජනය කරන රූ රැජිනකි තුෂාරි ජයකොඩි තුෂාරි ජයකොඩි මහත්මිය නියෝජනය කරන්නේ, වයස අවුරුදු 50ට වැඩි රූ රාජිනියන්ට වෙන්වුණු ”World Elite Queen” තරග කාණ්ඩය වීම විශේෂ කාරණයක්. එමෙන්ම මෙම තරග කාණ්ඩය යටතේ ලංකාව නියෝජනය කරන පළමු තරගකාරිය වන්නේත් ඇයයි. ඒ…

  • රුමේනියාවේ ඝාතනයක් සිදු කර පැන ගිය ලාංකීකයා කොටු වෙයි – අවුරුදු 23කට පසු සිදු කළ අත්අඩංගුව

    රුමේනියාවේ අගනුවර වූ බුකරෙස්ට්හිදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර සැඟවී සිටි බව කියන ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු වසර 23කට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජර්මනිය පොලිසිය විසින්. රුමේනියානු පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සැකකරු 53 හැවිරිදි වියෙහි පසු වන බවයි. ඔහු මෙම ඝාතනය සිදු කරන විට වයස අවුරුදු 30ක තරුණයෙක් බව සඳහන්. සැකකරු ලබන…

  • මුලින් සල්ලි දෙන ලංකාවේ දැවැන්තම වංචාවට අහු වෙන්න එපා.

    මේ කියන්න යන්නේ මේ දවස් වල ලංකාවේ හුගක් අය අහු වෙලා සල්ලි නැතිකර ගන්න පට්ටම SCAM එකක් ගැන.මෙයාලා මුලින්ම ගාණක් අතට දීලා තමයි පස්සේ මේ වංචාව කරන්නේ.ඒ නිසා හුගක් අය මේකට අහු වෙනවා. මේක මෙහෙමයි වෙන්නේ.මුලින්ම මෙයාලා වට්සැප් වල ගෲප් එකකට ඔයාලව අහම්බෙන් ඇඩ් කරනවා.මේ දවස් වල Aitken කියන සමාගම නමින් ගෲප් හදලා මේ ගේම…

  • විදුලිය සහ ඉන්ධන සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක්: ජනාධිපතිවරයාගේ නියෝගයක්.

    විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තියේ යටතේ ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාවරයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

  • පිරමීඩ පන්නයේ ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්.

    පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය කාලයේ විවිධාකාරයේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත්, ඒවා පාලනය කිරීමට කටයුතු කර ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි. එහෙත් ඕනෑම අවස්ථාවක එවැනි ජාවාරම් යළි මතුවීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් දන්නා තොරතුරු…

  • සතිඅන්තයේ නිවසින් පිටතට යන ඔබ මේ ගැනත් සිතන්න.

    දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (20) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.