Fri. May 3rd, 2024

රුමේනියාවේ අගනුවර වූ බුකරෙස්ට්හිදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර සැඟවී සිටි බව කියන ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු වසර 23කට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ජර්මනිය පොලිසිය විසින්.

රුමේනියානු පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සැකකරු 53 හැවිරිදි වියෙහි පසු වන බවයි.

ඔහු මෙම ඝාතනය සිදු කරන විට වයස අවුරුදු 30ක තරුණයෙක් බව සඳහන්.

සැකකරු ලබන 23 වැනිදා බුකරෙස්ට් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රුමේනියාවට ගෙන එන බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

1991 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු විසින් විදේශ ජාතිකයකු ඝාතනය කරන කාපට් එකක ඔතා බුකරෙස්ට්හි මොරි ප්‍රදේශයේ විලක දමා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ ඝාතනයට වරදරකරු කරමින් ඔහුට වසර 19ක සිර දඬුවමක් නියම කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී වරදකරු පැන ගොස් ඇති අතර ඔහුට එරෙහිව යුරෝපීය අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ද බුකරෙස්ට් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම වසරේ ජනවාරි මාසය දක්වා අතර කාලයේ දී වරදකරු ජර්මනියට පැමිණ සිටින බවට තොරතුරු ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

එහි දී ජර්මානු පොලිසියේ සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රුමේනියානු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *