Author: Paththare Digital


  • ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක්.

    පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩාම නමුත් බලවත්ම රටවලින් එකක් වන කටාර් යනු බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රටකි. එය ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන අතර 2022 දී FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූ පළමු අරාබි රට විය.ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • අලුත් අවුරුද්දේ අදත් චාරිත්‍ර දෙකක්.

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබෙනවා. නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය මෙලෙස අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන්. ඒ අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු වනවා.

  • ලොරියකට පොලිසියෙන් වෙඩි – අයෙක් රෝහලට. දෙන්නෙක් අතුරුදන්.

    කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි. අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම…

  • ශ්‍රීලංකන් ගුවන් සේවය නවීනතම උපකරණ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන් යානා…

  • අස්වැසුම සඳහා තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි.

    අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු තවත් පවුල් එක්ලක්ෂ අසූදෙදහසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පුර්ණ කළ පවුල් ලක්ෂ දෙකක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර තොරතුරු යාවත්කාලීන කර නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. අප්‍රේල් 18 වනදා වන විට…

  • නිදහස් පක්ෂයේ ගේට්ටුවට ඉබි යතුරු දෙකක්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාර්ශ්වය විසින් ඉබි යතුරු දමා දැනට වසා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පැමිණ ඊයේ (09) තවත් ඉබි යතුරක් දැමීමට කටයුතු කළා. ඒ අනුව මෙම පාර්ශ්ව දෙකම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ…

  • එංගලන්තයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ලංකාවේ පුංචි කෙල්ල.

    වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත්වුණා. මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම කාගේත් වැඩි අවධානයට ලක්වුණා. ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී…

  • අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට සමාව.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

  • ජනපති අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළට.

    පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇත. මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ නෛතික ප්‍රතිපාදන වසර හතළිහකින් සංශෝධනය නොවීම, රුපියල අවප්‍රමාණය වීම වැනි කාරණා නිසා මීට දශක හතරකට පෙර යොදාගත් ඇප මුදල් වර්තමානයට ප්‍රායෝගික නොවීම මත ඒවා සංශෝධනය…