Author: Paththare Digital


  • අද ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාව ගැන ඔබ දැනුවත් ද.

    අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් 320ක් සහ හමුදා නිලධාරීන් 2746ක් ඒ සඳහා යොදවා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනය මේ සමග දැක්වෙනවා.

  • හිටපු කොටි සාමාජිකයින්ගේ සහාය රනිල්ට.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ප්‍රකාශ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු කියා සිටියේ අම්මාන් බළකාය නමින් තමන් සංවිධානයක් ද පිහිටුවා ඇති බවයි. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද එක් කරගනිමින් එය පිහිටුවා තිබෙනවා.

  • ලේකම්වරියගේ කට කපන බවට ‘ත#ර්ජනය කළ’ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී.

    පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පැවසුව බව කියන කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන්…

  • අද දවසේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – තොරතුරු මෙතැනින් දැනගන්න

    මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දිනයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව ද ඔවුන් දැනුම් දෙනවා. ඊයේ අවලංගු වූ සහ අද අවලංගු කෙරෙන දුම්රිය පහතින් දැක්වෙනවා.

  • බංගලියන්ට එරෙහි තීරණාත්මක තරගය අද – තරගයටත් පෙර එරට උණුසුම් කළ ධනංජයගේ ප්‍රකාශය මෙන්න

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වනවා. මෙම තරගාවලිය තරග 2කින් සමන්විතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජය ගනිමින් 1-0ක් ලෙස මේවනවිට ඉදිරියෙන් පසුවනවා. අද තරගයට ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා…

  • නේටෝ සංවිධානයට පහර දීම ගැන රුසියාව තීරණයක් ගනී

    රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය මේ වන විට තව තවත් උණුසුම් වී තිබෙනවා.ඒ අතරම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන කාරණාවක් වන්නේ නේටෝ සංවිධානය සහ රුසියාව අතර තිබෙන ගැටලුව පිළිබඳව.රුසියානු ජනාධිපතිවරයා මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.පහත වීඩියෝව තුලින් ඒ තොරතුරු නරඹන්න..

  • ජනවාරිය දක්වා වෙනස් නොවන බද්දක්.

    දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ…

  • සරසවිය සිනමා සම්මාන උළෙලේ සම්මාන ලාභීන් මෙන්න.

    35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) පැවැත්වුණා. එහිදී දිනාගත් සම්මාන කිහිපයක් පහතින් දැක්වෙනවා. 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’2020 වසරේ හොඳම චිත්‍රපටය…

  • ලංකාවට එමින් තිබූ නැවක් නිසා අමෙරිකාවටත් පාඩු වෙන හැටි.

    ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 80ක භාණ්ඩ හුවමාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකයේ වැදගත්…

  • කඩෙන් දෙන බෑග් එකටත් ‘ඔබේ අතින්’ ගෙවන්න ලැහැස්ති වෙන්න.

    වෙළෙඳසල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේබව දැනුම් දී තිබුණා. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම…