Author: Paththare Digital


  • රෝහලෙන් දුන් ඖෂධ ගත් ළමුන් පිරිසකට අසාත්මිකතාවක්

    මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකු ආසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. සෙම්ප්‍රතිෂ්‍යාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් ළමුන් පිරිසකට එලෙස ආසාත්මිකතාවයක් ඇති වී තිබෙන බව සඳහන්. ඒ සඳහා අවහ්‍ය බෙහෙත් ඔවුන් මිහින්තලේ රෝහලින් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම ඖෂධ ළමුන් පිරිසට ලබාදුන් පසු එම දරුවන්ගේ කටවල් ඇදවී, දිව එළියට ඇවිත්…

  • ලොකු ගානකින් විදුලි ගාස්තුව අද පහළ දමයි.

    මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15දා) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. ගාස්තු සංශෝධනයටඅදාළ ගණනය කිරීම සිදුකරගෙන යන බවත් මේ අනුව අද (15දා) කොමිෂන් සභාව රැස් වී අදාළ තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද එම කොමිසමේ සභාපතිමහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා %අද^ කළ විමසීමකදී සඳහන්…

  • තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි වැදුනේ මෙහෙමයි.

    අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ අදාළ ආරක්ෂක නිළධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් සපයා නොමැති බවයි. ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියා…

  • අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම.

    ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද සුර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි. අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින පරිශ්‍රයට විදුලිය සැපයීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත සුර්යබල විදුලි…

  • කතරගම දේවාලයේ ආදායම අට ගුණයක් දක්වා වේගයෙන් ඉහළට.

    තමන් තනතුර  බාරගනිද්දී පැවති ආදායම මේ වනවිට අට ගුණයකින් ඉහළ දැමීමට සමත්ව ඇතැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.  බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට රුපියල් මිලියන 50ක්ව පැවැති වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන 400 ක් දක්වා වර්ධනය වී ඇතැයි ගුණසේකර මහතා වැඩිදුරටත් කීය. මෙම වසරේ පළමු මාස…

  • ජනපති අපේක්ෂකයගේ එක් ඡන්දයක වියදම රුපියල් 5ට අඩු විය යුතුයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් පහට අඩු වියයුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයෝ සඳහන් කරති. මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකු වෙනුවෙන් අවම වශයෙන් රුපියල් පහ බැගින් වැය කළත්,  සමස්ත ඡන්දදායකයන් සඳහා එම අපේක්ෂකයාට රුපියල් කෝටි අටහමාරක මුදලක් වැය කිරීමට සිදුවනු…

  • රු ලක්ෂ 10කට පොල්ල තියන්න ගිය OIC මාට්ටු.

    පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි. ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන් පැමිණ පහරදුන් බවය. පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා එංගලන්තයේ සංචාරක වීසා ලබාගැනීම සඳහා අයදුම් කර තිබුණත් එය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී ඇත. පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පිහිටි…

  • ලබන වසරේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්.

    ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ පාසල් ළමුන් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා තවදුටරත් යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු බවය. චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

  • අම්බානිලාගේ වෙඩිමට ගිය, නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගෞරවනීය අමුත්තන් අතර.

    මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා. ඒ අතර කැපී පෙනුණු ලාංකික යුවළක් තමයි නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ආදරණීය බිරිඳ.

  • විමර්ශන නතර කරන ලෙසට පියුමි ඉල්ලයි.

    තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම ලබන 15වැනිදා කැඳවීමට නියමිතයි. එහි දී පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමසන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් නම්…