Author: Paththare ital


  • පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද.

    එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ අද (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ…

  • ලොව කාන්තා හිංසනය වැඩිම රට පැපුවා නිවුගිනියාව ගැන ඔබ නොදත් දේවල් 10ක්

    පැපුවා නිව්ගිනියාව, පැපුවා නිවුගිනියාව ගැන ඔයාලා දන්නවද. පැපුවා නිවුගිනියාව කියන්නේ බහුල සම්පත්, උණුසුම් මිනිසුන් සිටින පහසුකම් අඩු නමුත් එය ලෝකයේ වඩාත්ම විවිධ ජාතීන්ගෙන් එකක්ය සහ නල ජලය වැනි නවීන සුඛෝපභෝගි දේ තවමත් සියල්ලන්ටම පහසුවෙන් ලබා ගත නොහැකි රටකි. පැපුවා නිව්ගිනියාව ගැන ඔබ නොදන්නා කරුණු 10ක් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • ඉස්ලාම් දේවස්ථාන ගැන පොලිසිය ගත් තීරණය.

    රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203…

  • අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.

    අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා. තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ස්තුතිවන්ත වන බවයි ඔහු එහි දක්වා ඇත්තේ. මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි…

  • ඉන්දියානු ණය යටතේ ‘පිළිකා රෝගීන්ට දුන්’ බෙහෙත්’ අල්ලන්නවත් හොඳ නැතිලු.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව…

  • ලෝකෙම බලන සූර්යග්‍රහණය Live බලන්න..

    ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීම ඇරඹි තිබුණි. එහි සජීවී විකාශය පහතින්,

  • අලුත් අවුරුද්දේ කැවිලි මේසයේ වියදම දෙගුණයකටත් වඩා වැඩිවූ හැටි.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා. 2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු පහත වැටී ඇති බවත්…

  • තල්ගහවිල ද්විත්ව ඝාතනයේ සැකකරු වෙඩි හුවමාරුවකින් මරුට.

    පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේවෙතත් පොලීසියට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට…

  • අද උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

    අද (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වැඩි විස්තර පහතින්,

  • රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. අවුරුදු කන්න වැටුපත් එක්ක ලැබෙන විශේෂ මුදල මෙන්න.

    අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කළා. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.