Author: Paththare ital


  • ජල ගාස්තු අඩු කිරීමට යයි.

    සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. මහනුවරදී අද (11) ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට රජය වශයෙන්  පියවර ගනිමින් සිටින බවය. “මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වාදීමට…

  • නයන්තාරාට එරෙහිව නඩුවක් වැටෙයි.

    ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන  ‘Annapoorani’ හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා තිබේ. මෙහිදී නයන්තාරා ඇතුළුව 7කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇත. ඒ අනුව ‘Annapoorani’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Nilesh Krishnaa, නිෂ්පාදකයින් වන Jatin Sethi සහ R Ravindran…

  • විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු.

    ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකිවේ යැයි දැනට තීරණය කර ඇති බව මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙම ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රතිශතයකින්…

  • රාජ්‍ය සේවකයින්ගේ රැකියා වේලාවන් ගැන චක්‍රලේඛයක්.

    කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ.  ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදුකරන බවට නිරීක්ෂණය වීමත් සමග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා…

  • තෙවැනි එක්දින තරගය අද.

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත ව ඇත. තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි තරගය ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. මේ අතර අද…

  • අලුතින් කැසිනෝ ශාලා 10ක් ?

    අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක් ලබාදී නැතැයිද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අතුරලිය රතන හිමියන් මතු…

  • දුඹුරු සීනි මිලත් ඉහළට.

    වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් ඊයේ (09 වැනිදා) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී ඇතැයි සීනි ව්‍යාපාරිකයෝ පැවසූහ. දුඹුරු සීනි පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලා වලින් පමණක් නිෂ්පාදනය කරන අතර ඊයේ ඊයේ (09 වැනිදා) පැවැති ටෙන්ඩරයකින් පසු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 322ටය. ඒ අනුව වැට් බද්ද සියයට දහඅට…

  • දිව්‍යලෝකෙ යන්න සැරසුණු 30ක් හඳුනාගනී.

    දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත. පොලිසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනකුද සිටින බව හෙළි වී ඇත. බෞද්ධ…

  • ජනපතිවරණය සැප්තැම්බරයේ.

    ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදි පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කළමනාකරණ කමිටුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහ මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී කැඳවන බවයි. තමන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. සිය ප්‍රචාරක වැඩසටහන ලබන 13 වැනිදා ගාල්ලෙන් ආරම්භ…

  • මීළඟට ශ්‍රී ලංකාවට එන ක්‍රිකට් කණ්ඩායම.

    ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය. ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබේ. ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. ඒ කාලය තුළදී කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20/20 ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වෙයි.