බස් දෙකක් මුහුණ මුහුණ ගැටීමෙන් 15ක් රෝහලට.

0
94

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ දංඕවිට සහ වේවැල්දෙණිය අතර අද (1) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති වූ බව වාර්තා වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන් ගත් ලංගම බස් රථයක් සහ ගලෙන්බිදුණුවැව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here