Home Blog Page 11

ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක් එවලා.

පසුගියදා අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳ ‘මැණික් විජේවර්ධන’ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම අවස්ථාවේදී ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබු බවත්, එම වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඇය තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයව මේ වනවිට සැක්කම් 03කට භාජනය කර තිබෙනවා.

මේ අතර නන්නාඳුන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පසුගියදා දිනක ඇයට මල්වඩමක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

‘ක්ලබ් වසන්තගේ’ අවමංගල්‍යය පැවැත්වෙන දිනයේදී ඇයව ඊට සහභාගි කරගැනීම වසන්තගේ දරුවන්ගේ අපේක්ෂාව වී තිබු බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් එය ව්‍යාර්ථ වී තිබෙනවා.

පසුගිය 08 වැනිදා සිදුවු එම වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර වසන්තගේ බිරිඳ හා ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට එම ප්‍රහාරයෙන් තුවාල සිදුවුණා.

ඔවුන් ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ගොස් තිබු අතර එම මධ්‍යස්ථානය තුළදීයි ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර මෙම ප්‍රහාරය කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී යන පාතාලයින් විසින් සැලසුම් කළ එකක් බවටයි පොලීසිය සැක පළකරන්නේ.

කෙසේ වෙතත් එම ප්‍රහාරයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

දඩ මුදල් වැඩිවෙයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවය.

මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ දමන අතර, පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිතය.

ප්ලේන් ටී එකක් රුපියල් 5කි අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ දිනය ලැබෙන්නේ මෙහෙමයි. සියලු බලතල මැතිවරණ කොමිසමට..?

මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවයි, ඔහු අවධාරණය කළේ.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර කාලයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදු කළ යුතු වනවා.

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව සති 4ත් – 6ත් අතර කාලයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි, සභාපතිවරයා කියා සිටියේ.

“ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ, සැප්තැම්බර් මාසේ 17 වැනිදාත් ඔක්තෝබර් මාසේ 16ත් අතර දිනයක. එතකොට ඒ දිනය අපි ගන්න කොට මුලින්ම කරන්න තියෙන්නේ, ජනාධිපතිවරණ විමසීම දැන්වීම් නිකුත් කරන එක.එය සිදු කරන දිනයේ සිට දින 16ත් දින 21ත් අතර දිනයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම සිදු කරන්න ඔනේ. නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් සති 6ත් අතර දිනයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.”

ස්වයං රැකියා ආධාර ඕන නම් 24 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න.

“2024 වර්ෂය ‘විගමනික ශ්‍රමිකයන්ගේ ව්‍යවසායකත්ව වසර’ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබ තිබෙනවා. අමාත්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට වැඩි ගරුත්වයක් ලබා දීමට. මොකද ඔවුන් රට වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම විදේශ විනිමය මේ රටට ගෙන්වීමට ඔවුන් දායකත්වය දෙනවා. ඒ හේතුවෙන් ඔවුන් ඇගයීමක් වශයෙන්, ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් වැඩි ප්‍රතිලාභ ලබා දීමට තමයි ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා තමයි විගමනික ශ්‍රමික ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන ආරම්භ වෙන්නේ. එහි ආරම්භක වැඩසටහන විදිහට පළවෙනි වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත මූලික කර ගනිමින් පවත්වනවා. දෙවැන්න ගාල්ල දිස්ත්‍රික්කය සහ ඒ අවට දිස්ත්‍රික්ක මූලික කරගනිමින්, තුන්වන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය සහ ඒ අවට දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.” මෙසේ පවසන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) එච්. ඩබ්ලිව්. සමන්ත මහතාය. විගමනික ශ්‍රමික ව්‍යවසායකයින් තැනීමේ වැඩසටහනේ ආරම්භක වැඩසටහන පිළිබඳවත් ඒ හා සම්බන්ධ තවත් කරුණුත් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

විගමනික ශ්‍රමික ප්‍රජාව සවිබල ගන්වන විගමනික ශ්‍රමික හරසර ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්වයං රැකියා ආධාර ලබා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහනේ ආරම්භය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

මේක අපි ආරම්භ කළේ කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය හරහා. ප්‍රත්‍යානුකලන අංශය කියන්නේ විදේශ රැකියාවකට ගිහිල්ලා නැවත ශ්‍රී ලංකාවට පැමිණි අයව සමාජගත කරන අංශය. මේ අංශයේ එක් වැඩසටහනක් වශයෙන් තමයි මේ වැඩසටහන අප කරන්නේ. ඒ කියන්නේ ස්වයං රැකියා ලබා දීම, ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම. මීට පෙර රුපියල් 25,000ක් වශයෙන් තමයි අපි ලබා දුන්නේ. දැනට 50,000ක් දෙනවා. ඉදිරියේදී මේක ලක්ෂයක් දක්වා වැඩි කරනවා. දැනට පනස්දාහක් උපරිමය යටතේ දෙනවා. එහෙම කිව්වට අපි මේකේ දෙන්නේ ද්‍රව්‍යමය ආධාර පමණයි. මුදල් නෙමෙයි. යම්කිසි කෙනෙක් ස්වයං රැකියාවක් කරනවා නම් ඒකට සහායක් ලෙස අවශ්‍ය කරන උපකරණ ලබා ගැනීම සඳහායි අනුග්‍රහය දෙන්නේ. අපි හිතමු ස්වයං රැකියාවකට යන්ත්‍ර සූත්‍ර, මහන මැෂිමක්, ශීතකරණයක් ගන්න අවශ්‍ය නම් රුපියල් 50,000ක් දෙනවා ඊට වැයවෙන ඉතුරු මුදල අදාළ තැනැත්තා විසින් දරලා ඒකෙන් අදාල උපකරණය හෝ යන්ත්‍රය ගන්න ඕන. ස්වයං රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සහ දැනට ස්වයං රැකියාවක නිරතව සිටින දෙගොල්ලන්ටම වගේම, මේ වන විටත් විදේශගත වී ඉන්න ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් මේ ප්‍රතිලාභය ගන්න පුලුවන්.

මේ ස්වයං රැකියා ආධාර වැඩසටහන සඳහා ඕනෑම විදේශ ගත ශ්‍රමිකයකුට ඉල්ලුම් කරන්න පුලුවන්ද?

මේකට කවුරු හරි ඇයැදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රට යන්න ඕන. රට ගියත් එහි ගිහිල්ලා අදාළ රටේ අවුරුද්දක් හෝ දෙකක් රැකියාවේ නියැළෙන්න ඕනේ. ඊට පසුව අවුරුදු පහක් ඇතුළත ඔහු ලංකාවට ඇවිත් තියෙන්න ඕන. මේ තමයි මෙහි මූලික සුදුසුකම. ඊට පසුව ස්වයං රැකියාවක් කිරීමට විදේශගතව ආ ශ්‍රමිකයා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔහුට මේක ගන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙලා ඉන්න තැනැත්තෙකුගේ පවුලක කෙනෙකුට අදාළ සුදුසුකම් ගැන සඳහන් කරලා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ සඳහා අමතර සුදුසුකම් කිහිපයකුත් තියෙනවා. ඒ ඇරෙන්න එවැනි තැනැත්තෙක් තවත් ව්‍යාපාරයක දැනටමත් නියුතු වෙලා ඉන්නව නම් ඒක වැඩි දියුණු කරගන්නත් මෙයින් අවස්ථාව තියෙනවා.

ඒ සඳහා තිබිය යුතු අමතර සුදුසුකම් කියන්නෙ මොනවාද?

ඒ කියන්නේ ඉහත සුදුසුකම් සපුරලා විදේශයක සිට ආ තැනැත්තා අවුරුද්දක්වත් එහේ සේවය කරලා නැති වෙන්න පුළුවන්නම්, නමුත් ඊට කලින් රට ගිහිල්ලා ඔහු අවුරුද්දක්වත් ඉඳලා තියෙනවා නම් අපි ඒ ගැන සොයා, සලකා බලලා සුදුසුකමක් හැටියට ගන්නවා. ඊට අමතරව කරන් යන ස්වයං රැකියාව ගැන දැනුමක් තියෙන්න ඕන. මීට අයැදුම් කරන්නේ යම් ශ්‍රමිකයකුගේ පවුලේ අයෙකු නම් ඒ පුද්ගලයාත් ඒ සමාන සුදුසුකම් සපුරලා ඉන්න ඕන. ඒ ටික තමයි තියෙන අමතර සුදුසුකම්. ඉන් පසුව ගන්න භාණ්ඩයේ මුදල් වටිනාකම සඳහන් කළ ඉල්ලීමක් ඉදිරිපත් කළාම ඒ භාණ්ඩය මිලදී ගැනීමට බලාපොරෝත්තු වන ආයතනයට අපි චෙක්පත ලියනවා. ඒ කෙනාගේ අතට මුදලක් දෙන්නේ නැහැ. ගන්න මැෂින් එක 80,000 නම් අපේ රුපියල් 50,000 අරගෙන ඉතිරි රුපියල් 30,000 අතින් දාලා මැෂින් එක ගන්න පුළුවන්කම තියෙනවා.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් මේ වසර ‘විගමනික ව්‍යවසායක වසර’ ලෙස නම් කළා. මේ වසර හා මේ වැඩසටහන අතර කිසියම් සම්බන්ධතාවයක් තියෙනවද?

මේක අපේ ප්‍රත්‍යානුකලන අංශය හරහා රට ගිහිල්ලා ආපු අයට ලබා දෙන ලාභයක් ලෙස තමයි ඔවුන්ගේ ස්වයං රැකියාව හෝ යම්කිසි වෙනත් රැකියාවක් කරනවා නම් ඒවා වැඩි දියුණු කරන්නට තමයි ලබා දෙන්නේ. මීට වැඩි ප්‍රතිලාභයක් වශයෙන් රුපියල් මිලියන 61.8ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දට ප්‍රතිලාභ ලබාදෙන්නට. ඒක වැඩි ප්‍රතිලාභ ලබා දීමේ අවස්ථාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒකට තවදුරටත් අයදුම්කරුවන් හඳුනගන්න ඕන එකටයි අපි මේ දිනවල පුවත්පත් දැන්වීම් කරන්නේ.

මේ ප්‍රතිලාභ වැඩි කරන්න වගේම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත් දිස්ත්‍රික්ක මොනවාද?

මේකේ ආරම්භයක් ලෙස මේ වැඩසටහන කුරුණෑගල පැවැත්වෙනවා. ඒ නිසාම කුරුණෑගල, කෑගල්ල, පුත්තලම, මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ප්‍රතිලාභීන් ඉක්මනින් අැයදුම් පත් යොමු කළොත් අපිට විශේෂයෙන් පවත්වන උත්සවයේදී ඒ සඳහා සලකා බලන්නට පුළුවන්කම තියෙනවා. අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් එම දිස්ත්‍රික්කවල අයට ඒ සඳහා සම්බන්ධ විය හැකියි. ඒ කියන්නේ දීපව්‍යාප්තව මේ පවත්වන වැඩසටහනේ ප්‍රතිලාභ වැඩි කරමින් මේ මාසේ 21 වැනිදා ප්‍රතිලාභ ලබා දීම ආරම්භ කරන්නට කටයුතු කරන්න සූදානම් කරලා තියෙන්නේ.

මේ සඳහා අයැදුම් කරන්නට කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් කොයි ආකාරයටද අයදුම් කළ යුත්තේ?

ඒ සඳහා පුවත්පත් දැන්වීමක් තියෙනවා. ඒකෙ තියෙන කරුණු අනුව ඉල්ලුම් කරන්න පුළුවන්. විශේෂයෙන් කාර්යාංශ අපේ වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ අයැදුම්පත් ගන්නත් පුළුවන්. එම අයැදුම්පත් ඒ අනුව යොමු කරන්නත් පුළුවන්. මීට අමතරව පහසුම විදිහ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා විදේශ රැකියා සම්බන්ධයෙන් පත්කර ඇති සංවර්ධන නිලධාරීන් හමුවීම. ඔවුන් හම්බවෙලා ඒ මගින් අයැදුම් පත්‍රය අරගෙන, ඔවුන්ගෙන් උපදෙස් අරගෙන, ඉක්මනින් ඒක පුරවලා භාර දුන්නොත් අපිට කුරුණෑගල පැවැත්වෙන උත්සවයේ වැඩසටහනට එම තැනැත්තාව සම්බන්ධ කරගැනීමට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් කාර්යාංශයේ අදාළ දිස්ත්‍රික්කවල ලිපිනවල ඇති ශාඛා කාර්යාල වෙත ගොස් ඒවායේ ඊමේල් සඳහා අයැදුම්පත්‍ර යොමු කරන්නත් පුළුවන්. කුරුණෑගල – අංක 22, දකුණු වට රවුම පාර, කුරුණෑගල කියන ලිපිනය. මහනුවර – අංක 18, හීරස්සගල පාර, මුල්ගම්පොළ, මහනුවර. හලාවත – මයික්කුලම,කොළඹ පාර, හලාවත කියන ලිපිනය. දඹුල්ල – අංක 03, නිශ්ශංක මාවත, දඹුල්ල කියන ලිපිනය. මේ අපේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලට ගිහිල්ලා අයැදුම්පත්‍ර යොමු කරන්න. අනුරාධපුර කාර්යාලයේ ලිපිනය – අංක 29, අභය පෙදෙස, තුන්වන පටුමග අනුරාධපුර. වැඩි විස්තර ගන්න ඕන නම් අපේ 1989 අපගේ කෙටි දුරකථන අංකයට අමතලා වැඩි විස්තර ගන්න පුළුවන්. මේකට කොහොමද යොමු වෙන්නේ කියලා එම අංකයෙන් දැනගත හැකියි. නැතිනම් 0112 365673 ප්‍රත්‍යානුකලන අංශයෙනුත් වැඩි විස්තර ලබාගන්න පුළුවන්. අයැදුම්පත් යොමු කළ යුතු අවසාන දිනයක් තියෙනවා. 2024 ජූලි මාසේ 17 වැනිදා දිනට පෙර අයැදුම්පත් යොමු කළ යුතුයි.

රෝහලෙන් දුන් ඖෂධ ගත් ළමුන් පිරිසකට අසාත්මිකතාවක්

මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකු ආසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

සෙම්ප්‍රතිෂ්‍යාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් ළමුන් පිරිසකට එලෙස ආසාත්මිකතාවයක් ඇති වී තිබෙන බව සඳහන්.

ඒ සඳහා අවහ්‍ය බෙහෙත් ඔවුන් මිහින්තලේ රෝහලින් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ඖෂධ ළමුන් පිරිසට ලබාදුන් පසු එම දරුවන්ගේ කටවල් ඇදවී, දිව එළියට ඇවිත් බෙල්ල කඩා වැටී තිබූ බව සඳහන්.

එලෙස රෝගීවූ දරුවන් 9 දෙනෙක් මිහින්තලේ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට මෙම ආසාත්මික තත්ත්වය ඇතිවී තිබුණි.