Home Blog Page 15

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව ඇති බවයි.

කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බව පැවසෙයි.

නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටින් එන මීහරක්.

මෙරට එළදෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු බැවින්, දිනකට වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි එළ, මී ගවයන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙරට සිටින මී සහ එළ ගවයකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් දක්වා අඩුවී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ වැඩි දියුණු කරන ලද එළ ගවයන් සහ මී ගවයන් ලබා ගැනීම පිළිබඳ මෙරට ඉන්දීය සහ පාකිස්තාන මහ කොමසාරිස්වරුන් සමග කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පසුගියදා සාකච්ඡා කළේය.

දැනට ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකම ගවයන් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද, ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයන් ලබා දීමට මෙම සාකච්ඡාවලදී එකඟත්වය පළ කරනු ලැබීය. නව කෘෂි තාක්ෂණය ඔස්සේ එම රටවල්වලින් ආනයනය කරන එක් ගවයකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව අනාවරණය වී තිබේ.

ඉන්දීය රජය විසින් “සහිවාල්“ නමැති එළ ගව විශේෂය ද, පාකිස්තානය විසින් “මුරා“ නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය. මෙම ගවයන් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇතැයි ද ඇමැති මහින්ද අමරවීර පැවැසුවේය.

ලබන වසරේදී (2025) මෙරට කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇති අතර, එම ඉලක්ක සපුරාගැනීම සඳහා මෙලෙස එළ ගවයන් සහ මී ගවයන් ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

විදුලිබිලේ අවසන් තීරණයට දිනයක් දෙයි.

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන කළේ, පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් අදහස් ලබාගත් බවය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%කි.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවේ.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නැහැ. 

යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයට අය කෙරෙන ගාස්තුව රුපියල් 20 සිට 09 දක්වා අඩුකර තිබේ.

විදුලිබල මණ්ඩලයේ යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝජනය තවත් කාණ්ඩ කිහිපයකට වෙන්කර තිබේ.

ඒ අනුව විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකක 0 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 25 සිට 15 දක්වා අඩුවේ.

ඒකක 61 සිට 90 දක්වා භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

විදුලි ඒකක 91 සිට 120 දක්වා පරිභෝජනය කරන විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ඒකක 121 සිට 180 දක්වා භාවිත කරන විදුලි ඒකක වෙනුවෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 50 සිට 42 දක්වා අඩු කෙරේ.

ඒකක 181ට වැඩියෙන් භාවිත කෙරෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකකයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 75 සිට 65 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

වර්ජනය නිසා ලියුම් ලක්ෂ 2ක් හිරවෙයි.

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී තිබෙන බවයි.

මගීන්ට දැනුම්දීමක් – දුම්රිය ගමන් රැසක් නවතී.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබේ.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ අතර ඊයේ රාත්‍රීයේ ද දුම්රිය මගීන් කලහකාරීව හැසිරෙන අයුරු දක්නට ලැබුණි.