Home Blog Page 19

දිවි ගැලවුණු ධීවරයින් දෙදෙනා “වෙළෙඳ නෞකාවක් මගින්” බේරාගෙන – ඉතිරි පිරිස මිය ගිහින්.

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් රෝගීවූ ධීවරයින් දෙදෙනා සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා.

ඔවුන් සමග සිටි ධීවරයින් 6 දෙනාගෙන් සිව් දෙනෙක් මේවන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බේරාගත් ධීවරයින් දෙදෙනාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට භාරදීමට නියමිතයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාවක්.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 වසරේ ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට ඊයේ (27) දිනයේදී එම මුදල් මුදාහැර ඇති බව සඳහන් වනවා.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5,000 බැගින් 2023 වසරේ ජූලි මස සිට 2024 වසරේ මාර්තු 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම් ලාභීන්ට රුපියල් 2,500 බැගින් 2023 වසරේ ජූලි මස 2023 වසරේ දෙසැම්බර් මස 31 දක්වාත් ගෙවීමට කටයුතු කර තිබුණා.

වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඒ යටතේ 2024 වසරේ ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 වසරේ ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

අද ප්‍රදේශ කිහිපයකට තද සුළං සමගින් තද වැසි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (29) දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් නිවේදනයේ දැක්වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉහළට.

මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවයි.

මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සවිකළ සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමටත් මේවනවිට සැලසුම් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බවයි.

හිරුණිකාට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම්.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

මහේලගේ සමුගැනීමට හේතුව ඉහළම නිලධාරියකු සමග මතබේදයක්.

මහේල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම නිසා බව වාර්තා වනවා.

උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු අතර කලක පටන් සීතල යුද්ධයක් පැවතුනා.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට මත්තෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට මහේල ජයවර්ධන මහතා උත්සාහ කළ නමුත් ඔහුගේ සමීපතමයින් ඔහුට කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී එවන් තීරණයක් නොගන්නා ලෙසයි.

පසුව ඔහු අකමැත්තෙන් නමුත් සිය තනතුරේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින් ‘උපදේශක පුහුණුකරු’ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා

අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා.

ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

මේ හේතුවෙන් ඉතා තද සුළං ඇති විය හැකි බව හා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.

එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි තත්ත්වයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.