Home Blog Page 226

“තව මලක් ඉන්නවා හැංගිලා” පුංචි පවුලේ ඊළඟ අමුත්තා ගැන අඛිලගෙන් ඉඟියක්.

මේ කියන්නේ ඒ පවුලේ අලුත් සාමාජිකයා ගැනද..?

මේ වෙනකොට සුරතල් පුංචි දුවෙකුගේ අම්මා අප්පච්චී වෙලා ඉන්න අඛිලගේ පවුලේ මීළඟ අමුත්තා කවුද කියලා තමයි ගොඩක් දෙනා මේ බලාගෙන ඉන්නේ..

කොහොම වුණත් ජක්සන් ඇන්තනී පවුලේ රසබර සිදුවීම් දැනගන්න කවුරුත් ආසයි නේ.. අඛිල දවසින් දවස එයාගේ ගෙදරට එන අලුත් අමුත්තා ගැන කතා කියනවා..

ඒත් එක්කම අලුත් සාමාජිකයාව පිළිගන්නත් ගොඩක් වෙලාවට වැඩියෙන්ම බලාගෙන ඉන්නවා ඇත්තේ එයාගේ අක්කා වෙන්න ඇති…

ඒත් ඇත්තටම අඛිල නම් කියන්නේ එයා මේ වෙනකොටත් ලස්සන මල් දෙකක් එක්ක ඉන්නවා කියලා තමයි…

අලුත් සාමාජිකයා ගැන තොරතුරක් දැනගන්න ඒ අයත් ඉන්නේ ගොඩක් ආසාවෙන්..

Living together ඉඳලා විවාහ වෙන්න කැමතියි. මේක හරි අමුතු කතාබහක්.

ලක්ෂිකා ගැන විස්තර ටිකක් කියමුද?

මගේ නම ගීතාංජලී ලක්ෂිකා. පදිංචිවෙලා ඉන්නෙ හොරණ. මේ වෙද්දි මට වයස අවුරුදු විසි හතරයි.

දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණේ කොහොමද?

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීශ්ගේ චරිතය රඟපාන ඉෂාර අයියා තමයි මාව දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ කෙරුවේ. ඒ ගැන ඇත්තටම ඉෂාර අයියට මම ස්තුතිවන්ත වෙනවා.

දෙවෙනි ඉනිම වගේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබීම ගැන හිතන්නෙ මොනවද?

ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම කියන්නෙ තාමත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් ඒ වගේ ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්න ලැබෙන එක භාග්‍යයක් කියලයි මම හිතන්නෙ.

කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ⁣ගොඩක් දෙනා මට කෝල්කරලා මැසේජ් කරලා සුබ පැතුවා.

නිළියක් වෙන්න කලින් නිරූපිකාවක් නේද?

ඔව්. වසර ගණනාවක ඉඳන් මම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. මේ වෙද්දි මම පොටෝ ෂූ⁣ට්, වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝවලට නිරූපිකාවක් විදිහට රංගනයෙන් දායකවෙලා තියනවා.

නිරූපණයෙදි කොට ඇඳුම් සහ ඇඟ පේන විවෘත ඇඳුම් අඳින්න වෙන එක ගැන මොකද හිතන්නෙ?

නිරූපිකාවක් වුණාම ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන් වෙන්න ඕන. නමුත් සමහර ඇඳුම්වලට අකමැති නම් ඒවා අඳින්නෙ නැතුව ඉන්න අපිට අයිතිය තියනවා. කොට ඇඳුම් සහ යම් තාක් ප්‍රමාණයකට විවෘත ඇඳුම් මම නිරූපණයේදි අඳිනවා. ඒ ඇරුණාම ගොඩක් සරාගී බිකිනි වගේ ඇඳුම් මම අඳින්නෙ නැහැ.

රංගනය නිසා නිරූපණය මඟහැරෙයිද?

නැහැ. නිළියක් විදිහට ගොඩනගා ගන්න අනන්‍යතාවය නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන්න දායක කරගන්නයි මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

ටැටූස්වලට කැමතියි කියලා ආරංචියි?

ඔව්. මේ වෙද්දි මම පිට ප්‍රදේශයේ ටැටූ එකක් කරලා තියනවා.

ඇඟේ හැඩය ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද?

මම කවදාවත් ජිම් ගිහින් ඇඟ හදගත්තෙ නැහැ. විනෝදාංශයක් විදිහට මම නර්තන කටයුතු කරනවා. නර්තනය නිසා මගේ ඇඟ හැඩට හැදිලා තියනවා.

ආදරය ගැන මොකද හිතන්නෙ?

ආදරය කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. හොඳ කෙනෙක් අපේ ජීවිතයට ළංවුණොත් ආදරය කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්.

මේ වෙද්දි පෙම්වතියක්ද?

ඔව්. මම ආදරවන්තියක්.

ප්‍රේම සම්බන්ධතාවයකදි වැඩිපුර තියෙන්නෙ ඕන රාගයද එහෙම නැත්තන් ආදරයද?

ආදරයෙදි ආදරය තමයි වැඩිපුර තියෙන්න ඕන. ඒ වගේම ආරක්ෂාව රැකවරණය වගේ දේවලුත් තියෙන්න ඕන. මේ දේවල් හරියට ලැබෙන කොට රාගය ඇතිවෙනවා.

ප්‍රේම සම්බන්ධතාවය නවත්තපු ගමන්ම කොල්ලා කෙල්ලගේ වීඩියෝ ලීක් කරනවා. මේ ගැන මොකද හිතන්නෙ?

ඇත්තටම ආදරය කළා නම් කවදාවත් තමන් යාළුවෙලා හිටපු ගෑනු ළමයාගේ නිරුවත ප්‍රසිද්ධ කරන්නෙ නැහැ. ගෑනු ළමයි දැනගන්න ඕන තමන් ආදරය කරන්නෙ කාටද ඒ කෙනාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. විශ්වාසයක් ඇතුව හරි කෙනාව ජීවිතයට ළංකර ගන්නවා නම් මම හිතන්නෙ නැහැ වීඩියෝ ලීක් කරනවා වගේ සිද්ධි අපිට අහන්න දකින්න ලැබෙයි කියලා.

විවාහ වෙන්න හොඳ සාමාන්‍ය සම්බන්ධතාවයකින්ද නැත්තන් living together ඉඳලද?

මම හිතන්නෙ විවාහ වෙන්න හොඳ living together සම්බන්ධතාවකින් කියලා. දෙන්නට දෙන්නාගේ ආකල්ප සිතුම් පැතුම් හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත්වෙන්න පහසුම විදිහ living together ඉඳලා කියලයි මම හිතන්නෙ.

ඔබ කවදාහරි විවාහ වෙන්න කො⁣හොමද?

මම කැමතියි living together සම්බන්ධතාවයක් පවත්වලා විවාහ වෙන්න. සමහරවිට ඉදිරියෙදි මමයි මගේ පෙම්වතයි living together ඉන්න ඉඩ තියනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක living together ඉන්න පුළුවන්ද?

Living together සංකල්පය වැරැද්දක් කියලා දකින්නෙ නොදියුණු ගෝත්‍රික මිනිස්සු කියලයි මම හිතන්නෙ. එක පාර විවාහ වෙන්නෙ නැතුව එකට ජීවත්වෙලා තමන්ගෙ සහකරුවව තේරුම් ගන්න එකෙන් පවුල් ආරවුල් දික්කසාද ප්‍රශ්න වගේ දේවල් ඇතිවෙන එක අඩුවෙනවා. ඉතින් මම හිතන්නෙ living together සම්බන්ධතාවක් පවත්වලා දෙන්නට දෙන්නා තේරුම් අරගෙන විවාහ ජීවිතයකට යනඑක තමයි හොඳම විදිහ කියලා.

IMF දෙවන වාරිකය ලැබෙන හැටි මෙන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මසදී සිදුකිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීමට හැකියාව පවතින බවය.

“IMF සමග සමාලෝචනයක් තිබෙනවා.. ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යතුමා සම්බන්ධ වෙලා කරන සමාලෝචනයක්.”

“අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා.”

“අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා.”

පාසල් සිසුවෙක් – වෛද්‍ය සිසුවියක්ව අප#යෝජනය කරයි.

වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පාසල් සිසුවෙකු ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි ජාඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා දාහත් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්.

ප්‍රේම සම්බන්ධතාවක් දෙදෙනා අතර තිබී ඇති බවටද කරුණු විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිලියන 20කට අහාර හිඟවෙයි..

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් මිලියන 20.3 ජනතාවක් ආහාර හිඟයකට මුහුණ පා ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසනවා.එම සංඛ්‍යාවෙන් මිලියන 6.3 ක් අතිශයින්ම පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

අඹු සැමි යුවලක් පාසල් වේලාවේ විදුහල්පතිට ඇඟේ හයිය පෙන්වයි.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව අද සවස කුරුණෑගල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි.

අඹුසැමි යුවලක් ්‍ විදුහලට පැමිණ එහි ගුරුවරියක් සමග කතා කතාබස් කරමින් සිටියදී පාසල් වේලාවේ කතා බස් නොකරන්නැයි විදුහල්පතිවරයා අඹුසැමි යුවළට අවවාද කර අඹුසැමි යුවළ සමඟ කතා කතාබස් කරමින් සිටියේ යැයි කියන ගුරුවරියට ද පන්තියට ගොස් උගන්වන ලෙස දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ අවවාද කිරීමෙන් පසු කෝපයට පත් වූ බව කියන කාන්තාව විදුහල්පතිගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට දිගට හරහට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පහරදීම වැළැක්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාට කාන්තාවගේ සැමියා හෙල්මටයකින් පහර දී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඒ අවස්ථාවේ කාන්තාව පැළඳ සිටි රන් මාලය කැඩී බිම වැටී ඇති අතර විදුහල්පතිවරයා එම මාලය අහුලාගෙන පොලිසියට බාරදී තිබේ.

එම කාන්තාවගේ සහෝදරියකගේ දරුවා එම පාසලේ ඉගෙනුම ලබන අතර එම දරුවාගේ මව විදෙස්ගතව සිටින බව කියති.