Home Blog Page 227

ලක්ෂ 7ක රන් මාලය ගන්න තරුණියක ගෙදරක සිරකර විසිදාහක පලතුරු කන්න දෙයි

තම තරුණ බිරිය දරු ප්‍රසූතිය සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හඳුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට අධික කාලයක් තිස්සේ තරුණිය බලහත්කාරයෙන් නිවෙසක රඳවාගෙන රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයක පලතුරු ආහාරයට ලබාදීමේ පුවතක් හිඟුරක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
නැති වූ මාලය තරුණියගේ තිසර පට තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණිය සහ ඇය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මාලය නැතිවූ පුද්ගලයා ධනවතකු වන අතර බිරිය තෙවැනි දරුවා බිහිකර සති දෙකකට පමණ පසු ඔහු තම පෞද්ගලික අවශ්‍යතාව යහළුවකුට පවසා ඇත.
ඒ අනුව ඔහු සිය නිවසේදී ඉකුත් ජූලි 29 දා තරුණිය මුණගස්වා ඇති බව පොලිසිය පවසයි.

ටික වේලාවක් තරුණිය සමග කතා කරමින් සිටින විට තරුණිය ‘ආ අයියා ලස්සන චේන් එකක් දාගෙන ඉන්නවානෙ. පොඩ්ඩක් දෙනවද දාගෙන ඉන්න’ යැයි පවසා තරුණයාගෙන් පවුම් තුනහමාරක් බරැති මාලය ගලවාගෙන ඇයගේ ගෙලේ පළඳවාගෙන ඇත.
මද වේලාවකට පසු තරුණයා අසල වෙළඳසලකට ගොස් පැමිණ බලද්දී තම මාලය තරුණියගේ ගෙලේ නොමැති බව දැක ප්‍රශ්න කිරීමේදී ඇය මාලය ගිල දැමූ බව පවසා ඇත.
තරුණිය එදින එම නිවසේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන පසුදා එක්ස්රේ එකක් ලබාගෙන ඇති අතර එහි තරුණියගේ උදරය තුළ රන් මාලය තිබෙන බව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව ඇය තම මිතුරකුගේ නිවසේ නවත්වා ඇයට නිරන්තරයෙන් පලතුරු ආහාර ලබාදී ඇත. දින පහක් පමණ රුපියල් 20,000ක් පමණ වටිනාකමකින් යුතු පලතුරු ලබා දුන්නද මාලය ලැබී නොමැති බව අනාවරණය වී තිබේ. හයවැනි දින අලුයම තරුණියට මාලය හමුවී ඇය එයද රැගෙන නිවසින් පලා යද්දී ඇය රඳවාගෙන සිටි තිදෙනා ඇය සොයා ගොස් ඇති අතර බියට පත් තරුණිය යුද හමුදා කඳවුරකට දුවගොස් ඇතැයි කියයි.
යුද හමුදා කඳවුරේ නිලධාරීන් මින්නේරිය පොලිසියට බාරදුන් තරුණිය පසුව හිඟුරක්ගොඩ පොලිසියට බාරදී ඇති අතර එම අවස්ථාවේදී රන් මාලය හිමි තරුණයාද තම මාලය නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණ ඇත.

පැමිණිල්ල ලියාගැනීමෙන් අනතුරුව තරුණිය පරීක්ෂා කිරීමේදී ඇයගේ තිසරපට තුළ තිබී රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා මාලය හමු වූ බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
සැකකාරිය සහ සැකකරුවෝ සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් ප්‍රියන්ත (51138), කාන්තා පොලිස් සැරයන් අසෝකා (2408), කාන්තා පොලිස් කොස්තාපල් ඉඩමේගම (6782) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මඟු‍ල් දවසෙම මනමාලයාගේ කෙරුවාව දැනගත් මනමාලිය සාරියත් කඩාගෙන දුවයි.

සිය විවාහ මංගල්‍යය දා අඹ යහළුවා මනාලියට හදුන්වාදීමට ගොස් අමු අමුවේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා.

ගම් තුලාවේ හැම වැඩක්ම කළේ දෙදෙනා එකටය, කෑවේ බිව්වේ එකටය, ගම් තුලාවේ පමණක් නොව අහල පහළ ගම් හතකම පාහේ ඔහුගේ කැරැට්ටුව ගැන නොදන්නා කෙනෙක් නොවූයෙන් ඔහුට පෙලවහක් කර ගැනීමට සුදුසු මනමාලිය සොයා ගැනීමට හැකි වූයේ වන්නි හත්පත්තුවෙනි.

විවාහය සිදුවූවේය. දෙපැත්තේ නෑ සනූහරේම වෙනුවෙන් මංගල සාදයක්ද සංවිධානය කර තිබිණ. යහළු මිත්‍රාදීන්ට ද එයට ඇරියුම් ලැබී තිබුණ අතර, මධුවිතට ප්‍රධාන තැන ලැබී තිබෙනවා.

යහළුවන් මධුවිතෙන් සප්පායම් වී සිටියේ කණ පැලෙන තරමටමය. ඒ අස්සේ ඔහු සිය මනාලියට තමාගේ සනුහරේ අය සහ මතුරන් හදුන්වාදීම සිදුකෙරිණ. ඒ සදහා මනාලිය පැමිණියේ මනාලයාගේ අත අල්ලාගෙය.

‘මෙයා තමයි මගේ හොදම යහළුවා, යයි සිය මනාලියට ඔහු හදුන්වා දුන්නේය’ ශරීර කූඩුව යාන්තමට වත්තම් කරගෙන ඔහු මනාලියට අතට අතදී “මෙයා මාත් එක්ක මේ ගම් පළාතේ නොකළ දෙයක් නෑ, ගමේ ඉන්න කෙල්ලන් මෙයාට පේන්න බැහැ. මම හිතන්නේ කෙල්ලෝ තුන්හතර දෙනෙක්ම මෙයාගේ අතින් අමාරුවේ වැටුණා, මේ පැත්ත පළාතකින් කසාදයක් කර ගන්න බැරි වුණ නිසා තමයි වන්නි හත්පත්තුවෙන් මේ නංගි කසාද බැන්දේ” යයි ඔහු කියාගෙන කියාගෙන ගියා.

ඒ සමගම මනාලිය මනාලයාගේ සහ අත අල්ලාගෙන සිටි අඹ යහළුවාගේ අත් ගසා ගෙන ඉකිබිදිමින් දිවගියේ මංගල සාරියද කැඩි කැඩීය. මනාලයා මනාලිය පසු පස දිව ගියේ “අනේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අරූ කිව්වේ බොරු” යැයි කියමිනි. ඒ වන විට මේ සිදුවීම දෙපාර්ශවයේ අය මෙන්ම මේ මංගල උත්සවයට සහභාගි වී සිටි අය අතර ද කසුකුසුව ජයටම ගිය අතර අඹ යහළුවා එම ස්ථානයෙන් වාෂ්ප කර තිබුණේ ඊළගට සිද්ධ වෙන්න යනදේ අනෙක් අය ඉවෙන් මෙන් දැනගත් නිසා ලු‍.

දැන් පවතින මිලට වඩා 70%ක් අඩුවෙන් වාහන ලංකාවට ගෙන්න සැලැස්මක් එයි.

නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

එම ක්‍රමය යටතේ වාහන ගෙන්වීමේදී ශ්‍රී ලංකාවේ සංචිත වලින් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසුවා.

අලුත් වාහනයක් දැනට පවතින මිලට වඩා සියයට හැත්තෑවක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළා.

නාමල්ගේ ලක්ෂ 26 ලයිට් බිල ගෙවන්න රාජ්‍ය අමාත්‍යවරයෙක් පෙරට එයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ 26 කට ආසන්න මුදලක් තවමත් විදුලිබල මණ්ඩලයට ගෙවා නොමැති බවට පවසමින් පසුගියදා ජාතික ජනබලවේගයේ නලින් හේවගේ හිටපු මන්ත්‍රීවරයා විසින් චෝදනාවක් එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙවැනි සිදුවීමකට අදාලව විදුලි බිලක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවට පවසමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් දේශපාලන වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ එම ලක්ෂ 25 ක මුදල තමා ගෙවීමට සූදානම් බවයි.

නාමල් රාපපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කළොත් මෙම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට සූදානම් බවයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ආටිගල පවුල දකුණට විදුලිය දෙන කේබල් එකට නොමිලේම ඉඩ දෙයි.

ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලිය සම්ප්‍රේෂණය සිදුකෙරෙන මාර්ගයේ පෞද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ගැටලුව අද (11) දිනයේ විසඳුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ අදාළ පෞද්ගලික ඉඩමේ හිමිකාරීත්වය දරණ ආටිගල පවුලේ සාමාජිකයින් කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව ඊට අවසරය ලබාදුන් බවය.

මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීමෙන් අද පැවැති සමථ මණ්ඩලයේදී මෙම අවසරය ලැබී තිබේ.

ඒ අනුව තවත් දින 06ක් ඇතුළත අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කර දකුණු පළාතට විදුලිය ලබාදීම වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව රොහාන් සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.

“අද සමථ මණ්ඩලය රැස්වුණා. පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ පෞද්ගලික ඉඩම සම්බන්ධයෙන් ගැටලුව අද විසඳුනා.”

“ඒ ඉඩම් අයිතිකරුවන් වන ආටිගල පවුලේ සාමාජිකයින් කිසිඳු ගාස්තුවක් අය නොකර අවශ්‍ය ඉදිකිරීම් කටයුත්ත සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අද අවසරය දුන්නා.”

“ඒ අයට අයිති ඒ තේ වත්ත හරහා සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධ කරන්න අපිට දැන් හැකියාව තිබෙනවා.”

“මෙය රජය වෙනුවෙන් සහ දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව සිදුකරන්න ආටිගල පවුලේ සාමාජිකයින් අවසරය ලබාදුන්නා. ඒක අපි හැමෝම අගය කරන්න ඕන ක්‍රියාවක්. මොකද ඒක ඒ අයගේ පුද්ගලික ඉඩමක් හරහා යන සම්ප්‍රේෂණ මාර්ගයක්.”

“අපි හෙට මෙහි වැඩ පටන් ගන්නවා. මීටර් 700ක ඉදිකිරීම් කරන්න තියෙන්නේ. දින 06ක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

“දකුණු පළාතට වෝල්ටීයතාවය 220,000ක් වන කිලෝමීටර් 150ක සම්ප්‍රේෂණ පද්ධතියක් තමයි මේ ලැබෙන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උත්පල ආටිගල මහතා,

“පොදු මහජනතාවට සේවාවක් සැලසීමේදී එයට බාධකයක් ඇති වන්නේ නම්.. ඒ ආටිගල පරපුර කියලා කියනවා නම්.. ඒකට බාධකයක් නොවිය යුතුයි කියලා අපි තීරණය කළා.”

මහ බැංකුවෙන් නිවේදනයක්

පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම වරදක් බවයි.