Home Blog Page 228

“කවුරුවත් ගෙදර නැති වෙලාවට අම්මා කට්ටිය අරගෙන එනවා..”මවක් සිය දියණියට කරපු අපරාධය

අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා පුද්ගලයින්ට මුදලට විකුණු එම දැරියගේ අම්මා අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙක් අත්අඩංගුවට.

සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදු නොගෙවීම මත හම්බන්තොට වරාය ගාල් කර ඇති මෝටර් රථ නිදහස් කර දෙන බව පවසමින් පුද්ගලයින් කිහිප ගෙන් මුදල් වංචා කිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෝටර් රථ තුනක් නිදහස් කර දීමට මොහු පුරුදු වී මුදල් ගත් බවට පවසමින් පුද්ගලයන් තිදෙනකුගෙන් ලද පැමිණිලි ලැබී තිබින.

විමර්ශන කාර්යාංශය කරන ලද කැඳවීම මගහැර සිටි මෙම සැකකරු නීතිඥයකු මාර්ගයෙන් බාර වූ පසු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වාහන මිල ලක්ෂ 05ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යයි.

වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 05 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වෙනවා.

ඒ මේ වන විට වාහන ආනයනය අත්හිටුවා තිබීම හා යලි ඩොලරයේ මිල ඉහල යමින් පැවතීමත් සමගයි.

කුඩා වාහන සේල් කරුවන් ඔවුන් සතු වාහන කිහිපය හැකි උපරිම මිලට විකුණා ඒවා වසා දැමීමටත්, දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන් එම වාහන සඟවා මිල ගණන් ක‍ෘත්‍රිමව ඉහළ දමීමටත් මේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙනවා.

එසේම ලියාපදිංචි නොකළ වාහන පමණක් අලෙවි කළ ඇතැම් වාහන සේල් මේවන විට ලියාපදිංචි වාහන විකිණීමට පටන්ගෙන තිබෙනවා.

මීට පෙර රුපියල් ලක්ෂ 60-70 ට අලෙවි කළ වාහනවල මේවන විට මිල රුපියල් ලක්ෂ 90-110 අතර මිලකට ඉහළ දමා ඇතැයි ද පැවසෙනවා.

කලින් අලෙවි කළේද ලාභයක් සහිතව බැවින් අලුතෙන් වැඩි කළ මිල අධි ශුද්ධ ලාභයක් බව ආර්ථික විශ්ලේෂකයෝ කියයි.

අසාත්මික මරණවලට හේතුව හොරණ ඖෂධය.

උග්‍ර අසාත්මිකතා තත්ත්වයන් හේතුවෙන් මරණ සිදුවූ Co-Amoxiclave For Inj – BP 1.2g නමැති ප්‍රතිජිවක ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර මගින් පරීක්ෂණයක් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.

ඖෂධ භාවිතය හේතුවෙන් උග්‍ර අසාත්මිකතා ඇතිවී මියගිය රෝගීන් දෙදෙනකු භාවිත කර ඇත්තේද ප්‍රතිජීවක ඖෂධ දෙකක් බව ඖෂධ අසාත්මිකතා හේතුවෙන් වාර්තා වූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවද ඊයේ (10) තහවුරු කළේය. කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති, සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දිම ජීවන්දර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ඉන් එක් ඖෂධයක් වන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන Co-Amoxiclave For Inj – BR 1.2g වන අතර අනෙක් ඖෂධය වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිෂ්පාදිත Bupivacaine Hydrochiloride in Dxtrose Inj USP 5/mg/m/ ඖෂධයයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් ගෙන්වන ලද ඖෂධයේ මෙරට තත්ත්ව පරීක්ෂාවේ ගැටලුවක් නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේ වුවද මෙරට නිෂ්පාදිත Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ වෙනත් ​ඖෂධ කාණ්ඩවල තත්ත්ව පරීක්ෂණවලදීද ගැටලු මතුව ඇති බවට වාර්තා වේ.

මේ තත්ත්වය මත Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධව වැඩිදුර අධ්‍යයනයක් සිදුකරන බවටද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියේය.

එම නිසා මෙම එන්නතේ කාණ්ඩ තුනක් වැඩිදුර පරීක්ෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාරයක් වෙත යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න කියා සිටියේය. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම එන්නත ලබාදීමෙන් පසු නිකවැරටිය මූලික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කරවනැල්ල වතුපිටිවල සහ ගම්පහ යන රෝහල් පහකින් උග්‍ර අසාත්මිකතා තත්ත්වයට පත්වූ රෝගීන් වාර්තා වී තිබේ.

‘‘මරණ වාර්තා වූ නිසා එන්නත පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන්න අපි තීන්දු කළා. ඒ නිසා වෙනත් රසායනාගාරයකට සාම්පල යොමු කළා’’ යැයි සභාපතිවරයා කීවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2019 වර්ෂයේ ලියාපදිංචි වී ඇති මෙම එන්නතේ ලියාපදිංචිය 2023 දක්වා වලංගු වෙයි.

කෙසේ වෙතත් 2023-06-30 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති අවදානම් ඇගයීමේ අනුකමිටුවේ නිර්දේශ මත එම එන්නතේ කාණ්ඩ තුනක් තාවකාලිකව ඉවත් කර තිබේ.

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්‌යේෂණාගාරයේ තත්ත්ව වාර්තා පදනම් කරගනිමින් එක් කාණ්ඩයක්ද භාවිතයෙන් ඉවත් කර ඇත.

මෙම එන්නත හොරණ කිඳෙල්පිටියේ පිහිටි පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් විසින් නිෂ්පාදනය කර තිබේ.

සෙනසුරාදා කොළඹට දැවැන්ත පිරිසක් එකතුවෙයි | මෙන්න කරන්න යන දේ.

ලබන සෙනසුරාද දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී හර්තාල් විරු සැමරුම පැවැත්වීමට නියමිතව ඇති බවත්,ඒ සඳහා හැකි සෑම දෙනාම සහභාගි වන ලෙසත් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරනවා.

අන්තරේ තවත් පිරිසකට අධිකරණ නියෝගයක්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) කොළඹ පැවැත්වීමට නියමිතව තිබෙන උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්ට හා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 10 දෙනෙකුට හා ඔවුන් සමග විරෝධතාවයට එකතුවන පිරිස වෙත නිකුත් කර තිබුණි.

ඒ අනුව උද්ඝෝෂකයින්ට මරදාන පොලිස් වසමේ, ඩීන්ස් පාර, මරදාන හන්දිය, ටී.බී ජයා මාවත, ටෙක්නිකල් හන්දිය, ඔල්කට් මාවත අවසානය දක්වා මහජනතාවට අවහිරයක් වන සේ භාවිත කිරීම තහනම් වේ.

එය නියෝගය අද දහවල් 12 සිට හෙට (11) දහවල් 12 දක්වා බලපැවැත්වේ.

නව කො#විඩ් ප්‍රභේදය අමෙරිකාව සහ චීනය වසා ගනී.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ මේවන විට සංසරණය වන EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය අවධානය යොමු කළ යුතු වෛරස් ප්‍රභේදයක් (Vaariant of interest) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

කෙසේ නමුත් එය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට වඩා වැඩි තර්ජනයක් මහජන සෞඛ්‍යයට එල්ල නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එසේ වුවත් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය මේවන විට අමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා රැල්ලක් ඇති කර ඇති අතර එරට කොරෝනා ආසාදිතයන්ගෙන් 17%ක්ම EG.5 ආසාදිතයන් බව වාර්තා වේ.

ඊට අමතරව චීනය, දකුණු කොරියාව, ජපානය සහ කැනඩාව ඇතුළු රටවල් රැසකින් දැන් EG.5 කොරෝනා ආසාදිතයන් වාර්තා වේ.

EG.5 කොරෝනා ප්‍රභේදයේ අවදානම පිළිබඳව ඇගයීමක් සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය දැනට පවතින ඔමික්‍රොන් අනුප්‍රභේදයන්ට වඩා අතිරේක තර්ජනයක් එල්ල නොකරන බවය.

කොවිඩ් -19 ගෝලීය වසංගතයෙන් ලොව පුරා 69 ලක්ෂයක් ජනතාව ජීවිතක්ෂයට පත් වූ අතර ආසාදිතයන් මිලියන 768ක් වාර්තා වුණි.

2020 වසරේ මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කළ අතර එම අවදානම ඉවත් කෙරුණේ මේ වසරේ මැයි මාසයේදි ය.