Home Blog Page 229

තනි රෝදෙන් යන්න එපා කීවාට හෙල්මට්වලින් ගහයි.

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කළ තිදරු පියෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.

ඉකුත් (07) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී 19 හැව්රිදි දුලාංජ හේෂාම් තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.

එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි තිහක පමණ පෙලපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන්ද සංදර්ශන ඉදිරිපත් කර තිබේ.

ඒ දෙස බෝහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැදී සිටී තිදරු පියෙකු එයට විරෝධතාව පලකර තිබේ.

එයින් උරණවූ තරුණයන් පනහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ දෙදරු පියාට අතින් පයින් සහ හෙල්මට් වලින් පහරදී ඇති බවත් , ප්‍රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.

ශරීරයේ ස්ථාන රැසකට පහර එල්ලවූ තිදරු පියා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි. වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නාමල් අද හෙටම ආණ්ඩුවෙන් යන්න හදයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වටා සිටින ඇමතිකම් නොලැබුණු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහයෙන් “විපක්ෂ බලකායක්“නිර්මාණය කිරීමට යන බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.

මේ පිලිබඳ විශේෂ සාකච්චාවක් නාමල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවද වාර්තා වේ.

යම් ලෙසකින් එය සාර්ථක වුවහොත් පාර්ලිමේන්තු කාලය අවසන් වීමට ප්‍රථම නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුර දක්වා ඔසවා තැබීමට මෙම පිරිස සාකච්චා කර තිබේ.

මේ දිනවල ඒ සඳහා මන්ත්‍රීවරුන් එකතුකර ගැනීමේ කටයුතු ඉතා රහසිගතව සිදුවන බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු – ඒෂියන් මිරර්

ඔබේ මරණය ප්‍රමාද කරන්න නවතම සොයා ගැනීමක් අනාවරණය කරයි.

මරණය යනු මෙලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුටම උරුම වූ දෙයක් බව නොරහසක්.

ඇතැමෙක් මරණයට බියක් දක්වන අතර ඇතැමෙක් මරණයට බියක් නොදැක්වන අවස්ථාව අපට මුණ ගැසෙනවා.

කෙසේ වෙතත් සමීක්ෂණයක් මඟින් මරණය කල්දමා ගන්නා ක්‍රමයක් පිළිබඳව සමස්ත ප්‍රජාවගේම අවධානය මේ මොහොතේ යොමුව පවතිනවා.

එම සමීක්ෂණය මඟින් අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා දිනකට අඩි 5000ක් ඇවිදීම ප්‍රමාණවත් බවයි.

මීට පෙර වාර්තා අනුව සඳහන් කෙරුණේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට නම් මිනිසෙකු දෛනිකව අඩි 10,000ක් ඇවිදිය යුතු‍ය යන්නයි.

මෙම නව සමීක්ෂණය සඳහා පුද්ගලයින් 226,000ක් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එම පර්‍යේක්ෂකයන් පෙන්වා දෙන්නේ අඩි 4000ක් ඇවිදින පුද්ගලයෙකු නියමිත ආයු කාලයට පෙර මියයාමේ සම්භාවිතාව ඉතා අඩු බවයි.

මේ අතර එම පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇවිදින ප්‍රමාණය වැඩිවන තරමට ඉන් මිනිස් සිරුරට ලැබෙන ප්‍රතිලාභ ඉහළයන බවත් හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය නිරෝගීමත් කරගැනීම සඳහා දෛනිකව අඩි 2300ක් ඇවිදීම මිනිසෙකුට ප්‍රමාණවත් බවත් පර්‍යේක්ෂකයින් විසින් පෙන්වා දෙනු ලබනවා.

ඒ අනුව අඩි 4000 සිට ඉහළට අඩි 20,000 දක්වා වැඩිවන සෑම අඩි 1000කටම මිනිසෙකු අඩු වයසින් මියයාමේ සම්භාවිතාව ඉතා අඩු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

එසේම මෙහිදී එම පර්යේෂකයින් වැඩිදුරටත් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව නිසි ක්‍රියාකාරකම්වල නොයෙදීම හේතුවෙන් ලොව සෑම වසරකම මියයන සංඛ්‍යාව මිලියන 3.2ක අගයක් ගන්නා බවයි.

වකුගඩු බද්ධ කිරීමෙන් මි,යගිය දරුවා ගැන හමුවූ වැදගත් සාක්ෂිය මෙන්න

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වකුගඩු දෙක නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් හා අධිකරණයේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය වී තිබෙන බැවින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට කතා ගොඩක්.

ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතව තිබෙන මෝක්ෂා මෝටර් රථය සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය වෙමින් තිබේ.

අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලක්‍ෂ 45ක මුදලකට මෙම මෝටර් රථය එළැඹෙන නොවැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙම රථය සම්බන්ධයෙන් සමාජ එල්ල වන ප්‍රබල විවේචනයක් වන්නේ දේශීය නිෂ්පාදනයක් වුවද මෙහි මිලට සාපේක්ෂව නිමාව ඉතා දුර්ලවල බවයි.

මෙම මිලට සහ ඒ ආසන්න මිල ගණන් යටතේ ඉහල නිමාවකින් යුතු ජපාන, කොරියා, ඉන්දියා හෝ චීන මෝටර් රථ මිලට ගත හැකි බවද ඔවුන් කියා සිටිති.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන රථයක් ලෙස සැලකෙන මෝක්ෂා රථය පූර්ණ වශයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වේ.

සංස්ථා මිලට වඩාරු.3ක් අඩුවෙන් තෙල් දෙන්න සිනොපෙක් ඉල්ලයි – තෙල් සංස්ථාව නිහඬයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් අඩුවෙන් අළෙවි කිරීමට ‘සිනොපෙක්’ සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට තවමත් සංස්ථාව පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එමෙන්ම ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ සිනොපෙක්’ සමාගමට මේ වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 130 ක් පවරා ඇති බව ය.

ගිවිසුමට අදාළව තවත් ඉන්ධන පිරවුම්හල් 20ක් සිනොපෙක්’ සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇත. නමුත් තවමත් එම පිරවුම්හල් 20 සමඟ ආණ්ඩුව ගිවිසුම් ගත වී නොමැත.

මේ වන විට සිනොපෙක් සමාගම පළමු ඉන්ධන තොග ලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසක් මෙම මස මුල දී ආනයනය කර ඇත.

කෙසේ වෙතත් ආරංචි මාර්ගවලට අනුව වාර්තා වෙන්නේ මෙම ගැටළු සහගත තත්ත්වය සමනය කරගනිමින් සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදීම ආරම්භ කිරීමට තවත් සති දෙකක් පමණ ගත වනු ඇති බවය.

ණය ගෙවාගත නොහැකිව පුද්ගලයෙකු ගිං ගඟට පනියි.

ලබා ගෙන ඇති ණය මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් පුද්ගලයෙකු ගිං ගඟට පැන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් ගාල්ල නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ සිරුර නාගොඩ – ඇඹරෙල්ලාගම ප්‍රදේශයේ ගිං ගඟේ පාවෙමින් තිබියදී පසුව සොයා ගැනුණා.

මීරිගම දුම්රිය අනතුර සිදුවන ආකාරයේ වීඩියෝ දර්ශණ මෙන්න

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී මාරක අන,තුරක් සිදුවුනා.. එම අ,නතුර සිදුවන ආකාරය ඒ අසල සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනී මෙලෙසින්.

රටේ විදුලි ප්‍රශ්නය විසඳෙනවා නම් මම බිල ගෙවන්නම් – නාමල්

තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත්, ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු සඳහන් කළා.

විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙවූ පසු රටේ විදුලි ප්‍රශ්නය විසඳෙන බවට හෝ විහාරස්ථානවලට නොමිලේ විදුලිය ලබාදිය හැකි බවට කවුරුන් හෝ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන්නේ නම් තමන්ට එවැනි බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම් බවයි.

අනියම් සුව සොයා ගිය බිරිදට හා පෙම්වතාට සැමියෙකු දුන් දඩුවම.

ආරච්චිකට්ටුව පොලීසිය පවසන්නේ, ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

කැපුම් පහර කෑ අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් පෙම්වතායැයි පවසන පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇතිබව පොලීසිය පවසන අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම සිද්ධියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.

ඇයගේ බිරිඳ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුගේ මිතුරෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට චෝදනා කර වෛරන්කට්ටුව හුදකලා ස්ථානයකදී මෙම පිහි ප්‍රහාරය සිදුකර ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී තහවුරු වී තිබෙනවා.

සැකරුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.