Home Blog Page 24

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ලොව ඉදිරියේ හෑල්ලුවට පත් වෙද්දි කෙල්ලන් නම්බුව රකියි. ශ්‍රී ලංකාවට පහසු ජයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවැති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුනේ හම්බන්තොට ක්‍රීඩාංගනයේදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත් අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Hayley Matthews ලකුනු 38ක් රැස් කළා.

පන්දු යැවීමේදි සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුලු 03 බැගින් දවා ගත්තා.

ලකුනු 196ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ලොව ඉදිරියේ හෑල්ලුවට පත් වෙද්දි කෙල්ලන් නම්බුව රකියි. ශ්‍රී ලංකාවට පහසු ජයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවැති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුනේ හම්බන්තොට ක්‍රීඩාංගනයේදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත් අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Hayley Matthews ලකුනු 38ක් රැස් කළා.

පන්දු යැවීමේදි සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුලු 03 බැගින් දවා ගත්තා.

ලකුනු 196ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.

අපිට බැරිවුණා.. අනේ.. සමාවෙන්න.. අපි ඊලඟ එකවත් හොඳට ගහලා එන්නම්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් පසුවන බවයි.

වැඩිදුරටත් ඔහු අදහස් දක්වමින් පවසන්නේ කණ්ඩායමේ පිතිකරණය සම්පූර්නයෙන් අසාර්ථක වුවත් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කල බවයි.

“අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට.

අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න.

අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා.

අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී.”

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය.

රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබේ

මෑකරල් රු. 200යි, රාබු රු. 280යි සහ කැරට් රු. 480යි: අද එළවලුවල මිල ගණන් මෙන්න.

අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇🏻

කැරට් රු. 480.00

බෝංචි රු. 700.00

බීට් රු. 680.00

ලික්ස් රු. 700.00

ගෝවා රු. 320.00

තක්කාලි රු. 600.00

අමු මිරිස් රු. 400.00

මාලු මිරිස් රු. 600.00

වම්බටු රු. 600.00

වට්ටක්කා රු. 200.00

බන්ඩක්කා රු. 240.00

පතෝල රු. 320.00

රාබු රු. 280.00

වැටකොළු රු. 480.00

බටු රු. 480.00

ලූනු කොල රු. 400.00

දෙහි රු. 1400.00

ඉගුරු රු. 3700.00

කරවිල රු. 700.00

දබල රු. 700.00

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල ගණන්👇🏻

කැරට් රු. 300.00

බෝංචි රු. 500.00

බීට් රු. 450.00

ලික්ස් රු. 500.00

ගෝවා රු. 180.00

තක්කාලි රු. 400.00

අමු මිරිස් රු. 300.00

මාලු මිරිස් රු. 450.00

වම්බටු රු. 460.00

බන්ඩක්කා රු. 120.00

වට්ටක්කා රු. 140.00

පතෝල රු. 300.00

රාබු රු. 180.00

වැටකොළු රු. 350.00

තලන බටු රු. 300.00

ලූනු කොල රු. 300.00

නෝකොල් රු. 250.00

මුරුංගා රු. 800.00

දෙහි රු. 1200.00

ඉගුරු රු. 2700.00

කරවිල රු. 600.00

දබල රු. 300.00

මෑකරල් රු. 200.00

මෑකරල් රු. 200යි, රාබු රු. 280යි සහ කැරට් රු. 480යි: අද එළවලුවල මිල ගණන් මෙන්න.

අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇🏻

කැරට් රු. 480.00

බෝංචි රු. 700.00

බීට් රු. 680.00

ලික්ස් රු. 700.00

ගෝවා රු. 320.00

තක්කාලි රු. 600.00

අමු මිරිස් රු. 400.00

මාලු මිරිස් රු. 600.00

වම්බටු රු. 600.00

වට්ටක්කා රු. 200.00

බන්ඩක්කා රු. 240.00

පතෝල රු. 320.00

රාබු රු. 280.00

වැටකොළු රු. 480.00

බටු රු. 480.00

ලූනු කොල රු. 400.00

දෙහි රු. 1400.00

ඉගුරු රු. 3700.00

කරවිල රු. 700.00

දබල රු. 700.00

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල ගණන්👇🏻

කැරට් රු. 300.00

බෝංචි රු. 500.00

බීට් රු. 450.00

ලික්ස් රු. 500.00

ගෝවා රු. 180.00

තක්කාලි රු. 400.00

අමු මිරිස් රු. 300.00

මාලු මිරිස් රු. 450.00

වම්බටු රු. 460.00

බන්ඩක්කා රු. 120.00

වට්ටක්කා රු. 140.00

පතෝල රු. 300.00

රාබු රු. 180.00

වැටකොළු රු. 350.00

තලන බටු රු. 300.00

ලූනු කොල රු. 300.00

නෝකොල් රු. 250.00

මුරුංගා රු. 800.00

දෙහි රු. 1200.00

ඉගුරු රු. 2700.00

කරවිල රු. 600.00

දබල රු. 300.00

මෑකරල් රු. 200.00

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් රවුෆ්ඩීන්ගේ ගෝලයා හෙරොයින් සහ ජාවාරමෙන් ඉපයු මුදල් ද සමඟින් කොටුවෙයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.14 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත පාලම ආසන්නයේ, කොමර්ශල් බැංකු ATM යන්ත්‍රය අසල දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයකු මුදල් රුපියල් 202,930.00 ක්, ජංගම දුරකථනයක් සහ යතුරු පැදිය සමඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී එම පුද්ගලයා දැනට ISIS සංවිධානයට අධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීම සම්බන්ධව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු වන අබ්දුල් රහීම් මොහොමඩ් රස්ඩීන් (රවුෆ්ඩීන්) නැමැත්තා සමග සමීප සබදතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

රෝයල් පාක් ඝාතකයා අල්ලන්න සහාය ඉල්ලයි.

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියා.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළා.

මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙත්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරුණා.

මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා විදේශගතව තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක්: පවිත්‍රා වන්නිආරච්චි කියයි.

රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඒ මහත්මිය කියා සිටියේ.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද (14) ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිටමොරකැටිය අතු ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්.

රුපියල් ලක්ෂ 350ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන මෙම විකල්ප මාර්ගය ඇඹිලිපිටිය නගරයේ පවතින රථ වාහන තදබදයට තිරසාර විසඳුමක් ලැබෙනු ඇති.

වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කෙරෙන මෙම විකල්ප මාර්ගය ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගය ප්‍රතිසංස්කරණයට සමගාමීව මොරකැටිය බෙදුම් ඇළ හරහා පවතින පාලම සහ, ඇඹිලිපිටිය සිට නෝනගම මාර්ගයට සම්බන්ධ වන විකල්ප මාර්ගය ද ප්‍රතිසංස්කරණය කෙරෙනවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශක්තිමත් දේශපාලන ගමනක් සඳහා සියළු දෙනා ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් බවත්, ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී අවධාරණය කර සිටියා.

කෝවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් රටට සංචාරකයින් නොපැමිණි බවත්, ඒ හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් ඇය පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෞෂල්‍යයා විජේවීර, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් විශාකා පීටර්, වලව මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංජිනේරු සුජිත් ගුණසේකර, ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් එක්ව සිටියා.

නිළියගේ ගණිකා ජාවාරම වැටලූ හැටි, අත්අඩංගුවට ගත් සුරූපිනියන්ගේ විස්තර එළියට.

හිටපු ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන විමර්ශනවලට අනුවයි.

අදාළ ජංගම ගණිකා ජාවාරම මෙහෙයවා ඇත්තේ, කාමුක දර්ශනවලට පෙනී සිටි නිළියක් විසින්.

කොළඹ තරු පන්තියේ ඇතැම් හෝටල්වලට සුපිරි නිවාස සංකීර්ණවලට සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ ඇතැම් රාත්‍රී සමාජ ශාලාවලට මෙම කාන්තාවන් රැගෙන ගොස් දෙන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබුණා.

ඒ සඳහා කුලී පදනම මත ලබා ගත් සුපිරි වාහන යොදා ගෙන ඇති බව සඳහන්.

විදෙස් මත්පැන් සාද පමණක් නොව අයිස් මත්ද්‍රව්‍ය පවා භාවිත කරන ධන කුවේරයන් විසින් ගෙන්වා ගත් මෙම නිළියන් සහ සුරූපිනියන් ‌තම කාමුක හැඟීම් සන්තර්පණය කර ගන්නා බවටයි තොරතුරු ලැබී තිබුණේ.

උපාය දූතයකු ද මෙම නිළිය ඇතුළු සුරූපිනියන් කොටු කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට යොදවාගෙන ඇති බව සඳහන්.

එම දූතයා කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජංගම ගණිකා ජාවාරම මෙහෙයවන නිළියට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව නිළිය ඇතුළු සුරූපිනියන් පස් දෙනෙකු ඉල්ලා ඇති බවත් ඊට අවශ්‍ය මුදල් ප්‍රමාණය ගෙවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ඊට අදාළ ජාවාරම මෙහෙයවන නිළිය ද සිය එකඟත්වය පළ කර තිබෙනවා.

ඔවුන්ට කෝරළඉම දෙමටහැත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් ඉදිරිපිටට පැමිණෙන ලෙසටයි ඉල්ලා ඇත්තේ.

ඉන් අනතුරුව වෙස්වලාගෙන සැඟව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මෙම සැකකාරියන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී උපත් පාලන කොපු රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම ජාවාරම මෙහෙය වූ නිළිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සෙසු කාන්තාවන් අම්පාර, බියගම, බොරලැස්ගමුව සහ මාතර යන පොලිස් වසම්වල පදිංචිකාරිනියන් වනවා.

පොලිසියට කොටු වූ නිළිය ඇතුළු සුරූපිනියන් අවුරුදු 25 සහ 45 යන වයස්වල පසු වන අය බව සඳහන්.

නිළිය හැර සෙසු සිව් දෙනාම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික ආයතනවල ඉහළම තනතුරු හොබවන අය වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් වූ නිළියගේ ජංගම දුරකතනයේ ජනප්‍රිය සුප්‍රසිද්ධ නිලියන් ගණනාවකගේම ඡායාරූප සහ විස්තර තිබූ බව සඳහන්.

ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම නිළියන් සහ සුරූපිනියන් සිය නිවසට ගෙන්වාගෙන ඇති අවස්ථා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින්, මොවුන් ගණිකා වෘත්තිය තෝරගත් බවයි, පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

රුපියල් 45,000 සිට ලක්ෂය දක්වා වන මුදලකට මෙම සුරූපිනියන් අලෙවි කර ඇති බව සඳහන්.

මෙම සුරූපී නිළියන්ගේ පහස ලබා උපරිම සතුටට පත් වූ ධනවතුන් ඔවුන්ට අමතර මුදල් සහ තෑගි ලබා දී ඇති බවට ද පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ති‌බෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සුරූපී නිළිය ඇතුළු පස්දෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.