Home Blog Page 29

දුම්රිය රියදුරන් ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්..?

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා..

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්,

කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කර සිටියා.

කෙසේවෙතත් අද ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

එම වර්ජනය පුද්ගලයින් 21 දෙනෙකු විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බව සඳහන්

ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 134ක ජයක්ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි,

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමඟ පැවැති තරගය ලකුණු 134කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (09) සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 173ක්.

එහි දී ජොන්සන් චාර්ල්ස් ලකුණු 44ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 30 ලබාගත්තා.

පන්දු යැවීමේ දී බ්‍රයින් මසබා කඩුලු 02ක් බිඳ හෙළීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුනු 174ක ඉලක්කයක් හඹා ගිය උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 12ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 39ක් පමණයි.

එහි දී ජුමා මිහාගි ලකුණු 12ක් රැස්කරගත් අතර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී අඛේලා හුසෙයින් ලකුණු 11කට කඩුලු 05ක් බිඳහෙළුවා.

මෙම ලකුණු 39 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් රැස්කරගත් අවම ලකුණු වාර්තාව සම කිරීමක් වනවා.

මීට පෙර 2014 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය ලකුණු 39කට දැවි ගියා.

එමෙන් ම 2021 වසරේ ද නෙදර්ලන්තය ලකුණු 44ක් රැස් කළේ, ශ්‍රී ලංකාවට එරෙහිවයි.

එම තරග වාරයේ දී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 55කට එංගලන්තය හමුවේ දැවී යාමත් විශේෂත්වයක්.

විස්සයි විස්ස තරගයක දී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වැඩි ලකුණු පරතරයකින් ජයගත් තරගය ලෙස ද මෙය වාර්තා අතරට එක් වනවා.

ලංකාවට දුන් තණතීරුව ප්‍රමිතියෙන් තොර බව පිළිගනී.

ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා “පිළියමක්” යෙදීමට උත්සාහ කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ඉකුත් දා ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේ අතිශය දුෂ්කර කඩුල්ලක් මත ක්‍රීඩා කිරීමෙන් දිනකට පසු ඊයේ (06) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය් මේ පිළිබඳව සඳහන් කළේ, නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කළ තණතීරු අපට අවශ්‍ය තරම් ප්‍රමිතියක් පෙන්නුම් කර නැති බවයි.

“ඊයේ තරඟය අවසන් වූ මොහොතේ සිට මෙම තත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරග සඳහා හොඳ ම තණතීරු ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටී.” යනුවෙන්.

මාස පහක කාලයක් තුළ උද්‍යාන භූමියක සකසා ගෙනැවිත් සවි කරන ලද මෙම තණතීරු මත මුලින් ම ජාත්‍යන්තර තරගයක දී පන්දුවට පහර දුන් කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 77කට දැවී ගියා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ද එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 4ක් දැවී යමින්.

අනතුරුව පැවැති ඉන්දියා – අයර්ලන්ත තරගයේ දී ද මෙම තණතීරුවේ හැසිරීම දුර්වල ස්වභාවයක් පෙන්නුම් කළ අතර එහි දී මුලින් ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 96කට සියලු දෙනා දැවී ගියා.

එහි දී ද පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ජය ලැබුවද තණතීරුවේ වන ආන්දෝලනාත්මක හැසිරීම හේතුවෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ රිෂාබ් පාන්ට්ගේ ශරීරයේ පන්දුව වදිනු ලැබූ අවස්ථා වාර්තා වුණා.

මේ අතර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විසින් එල්ල කරන ලද පන්දුවක් අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර්ගේ ඇඟිල්ලේ ද වැදුණු අවස්ථාවක් තරගයේ දී වාර්තා වුණා.

ඉන්දියා-අයර්ලන්ත තරඟයෙන් පසුව, එම තණතීරුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, ESPNcricinfo හි Timeout වැඩසටහනේ ප්‍රවීණයෙකු වන හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) පැවසුවේ එය “භයානක මායිමක්” බවයි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩාංගණයේ තණතීරු අංක 2 සහ 3 තවමත් ක්‍රීඩා සඳහා භාවිතා කර නොමැති අතර, එහි මතුපිටින් එකක තණකොළ කපා දමා ඇති බව නිරීක්ෂණය වී ඇති බව ESPNcricinfo වාර්තා කරනවා.

මේ අතර එළඹෙන ජුනි 09 වැනි දා ලොවක් බලා සිටින ඉන්දු පාකිස්ථාන තරගය එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිත අතර, එම තරගය හැරුණු කොට තවත් තරග 05ක් එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතයි

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවන බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

දුම්රිය වර්ජනයෙන් හවසට කාර්යාල සේවකයන් අමාරුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව සඳහන්.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා සඳහන් කළා.

වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුන ද අද පස්වරුවේ ධාවනය වන සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ ඇති බවද එස්.ආර්.සී.එම් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

ලියන්ගේමුල්ලේ කාණුවක මියගිය තිසාරාගේ ඝාතනයේ සුලමුල මෙන්න

සීදුව ශාන්ත අන්තෝනි පල්ලිය ප්‍රදේශයේදී පසුගිය දිනක ඝාතනයට ලක්වූ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටින උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාවක් පිළිබඳව පසුගිය දිනක රටේ අවධානයක් දිනාගනු ලැබුවා..කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව සැකකරු අත්තඩංගුවට ගෙන ඇති අතර,පසුව ඔහු සියල්ල පොලිස්සිය වෙත පවසා තිබෙනවා.
පහත වීඩියෝව තුලින් ඒ සියලු තොරතුරු පිළිබඳව දැනගනීමට හැකියි..

සැ.යු – වීඩියෝව තුල සඳහන් වන සියලුම කරුණු 2024 ජුනි මස බදාදා දින මව්බිම පුවත් පතෙන් උපුටා ගැනුණු කරනු බව කරුණාවෙන් සලකන්න..