Home Blog Page 32

දුප්පත් සිසුන් යන පාසලක විදුහල්පතිනිය නොමිලේ දෙන උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කරයි.

අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන දින උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කර ඇති බවට පාසලේ දරුවන්ගේ දෙමාපියෝ මැසිවිලි නගති.

අනුරාධපුර නගරයෙන් මදක් දුරින් පිහිටා ඇති අසරණ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් යන එන පාසලක් වන මෙම පාසලේ දෙමාපියන්ට දරුවන්ට තුන්වේලක් කන්න දෙන්නවත් වත්කමක් නැති පසුබිමක රජයෙන් එක් වේලක් හෝ ලබා දීම අස්වැසිල්ලකි. එසේ වුවද මෙම විදුහලේ විදුහල්පතිනිය දරුවන්ට උදෑසන ආහාර ලබාදෙන මුදල එදින තම පූජාවට ගැනීම නිසා දරුවන් බොහෝ පිරිසක් ක්ලාන්ත වී ඇති බවද දෙමාපියෝ පවසති.

පාසලේ විදුහල්පතිනිය මෙම එක් පන්තියකින් දෙමාපියින්ගෙන් මුදලින් රුපියල් දහස බැගින් රුපියල් පහළොස්දහසක මුදලක් වෙනමම පූජාව සඳහා එකතු කර ඇති බව කියයි. 29 වැනිදා දරුවන් සඳහා ආහාර වේල සැකසීමට ඇති පන්තියේ දෙමාපියන්ට එම ආහාර වේල සැකසීම පසෙක දමා එම මුදලින් පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගෙන ඇතැයි කියයි. එම පණිවුඩය යවා ඇත්තේ වට්ස් ඇප් මාර්ගයෙනි.

පාසලේ දරුවන්ගේ දෙමාපියන් නගන චෝදනා ගැන විමසුවිට විදුහල්පතිනි සුසිලා හෙට්ටිආරච්චි ප්‍රකාශ කළ්, මේ කරනු ලබන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

මං මේ පූජාව වාර්ෂිකව කරන නිසා අද වෙනකන් මේ පාසලේ කිසිම දරුවෙක්ට කරදරයක් වෙලා නෑ. පූජාව තිබ්බ දවසේ උදේ වරුවෙයි දවල් වරුවෙයි බත් දෙකක් දෙන එක තේරුමක් නැති නිසා මං ඒ අයට කලින් දෙමාපියන්ව දැනුවත් කරලා තිබ්බේ උදේට ගෙදරින් කෑම දීලා එක්කන් එන්න කියලා දරුවෝ පාසලට. ඒ නිසා ඒ දෙමාපියෝ ඒ විදිහටම කරලා තිබ්බා. ඒ හන්දා කිසිම දරුවෙක් සිහි නැතුව වැටුණේ නෑ. අනික් එක අපි මේ තීන්දු තීරණ ගත්තේ විධායක කමිටුව, ආහාර කමිටුව රැස්කරලා. මේ වගේ පුණ්‍ය කටයුතු කරනවට අකමැති අය තමයි මේ විදිහේ බොරු සමාජගත කරන්නේ යැයිද විදුහල්පතිනිය පැවසුවාය.

ට්‍රම්ප් වරදකරු ලෙස ඓතිහාසික තීන්දුවක්.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවයි.

එමෙන්ම මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඔහු ඉතිහාසගත වනවා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජූරි සභිකයන් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

කසාදයයි රැකියාවයි එකම දවසේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීම විශේෂත්වයක් වුණා.

අම්බලන්තොට ප්‍රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් තම පත්වීම ලබා ගත්තා.

දිලිනි මදුෂිකා පැවැසුවේ තමන් මනාලියක වූ දිනයේම තමන්ට ගුරු පත්වීමක් ලැබීම ඉතාමත් සතුටු ගෙන දෙන අමතක නොවන සිද්ධියක් බවයි.

වස්ති අනුෂ්ක ජනප්‍රිය නිලි වොල්ගා සමගින් සුබ මොහොතින් යුග දිවියට.

වස්ති අනුෂ්ක කිවුවම කවුද නොදන්නේ. මුළු රටේම ආදරය දිනු ආදරණිය චරිතයක් තමයි ඔහු. ඔහු විවාහ වෙන්නේ නෑ කියලා කියපු නිසාම ඔහුගේ විවාහයක් ගැන කවුරුවත් කතාකරේ නෑ. ඔන්න එහෙම කියපු අනුෂ්ක අද විවාහ වෙලා කාටත් හොර රහසේ ඒ ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී එක්ක. ඒ අවස්ථාවේ සේයාරූ පහත විදියෝවෙන් නරඹන්න.

දකුණු පලාතම භීතියට පත්කරමින් පුතුගේ වැරදි වලින් පලිගන්න පියෙකුට සිදුකල අහස පොලොව නුහුලන දේ.

දකුණු පලාතම සලිත කල අපරාධයක් පසුගියදා සිදුවුවා. එය ලංකාවේම අවධානය දිනගන්නටද සමත් වුනා. පාතාලයද සම්බන්ධ මෙම අපරාධය නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්නේ පුතුන්ගේ වැරදි වලට පියෙකි. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

තිසාරාට අතරමගදී අනියම් සැමියා කල අහස පොලොව නුහුලන දේ.

අපරාධ සිදුවීම් දිගින් දිගටම අසන්නට ලැබීම කනගාටුදායක තත්වයකි. සීදුව කම්පා කරමින් දෙදරු මවක් අවාසනාවන්ත අයුරින් අවසන් ගමන් යන්නේ තවත් ඛේදවාචකයක් ලෙසින්. රටම කැළඹු මේ සිදුවීම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න ජීවන ගමනින් සමුගනී.

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා.

ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.