Home Blog Page 34

සේප්පු කඩා “කෝටි ගණන් උපයා” සැපගත් තරුණයා.

වෙන්නප්පුව අංගම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් හා මුදල් සහ ජා ඇළ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ගිය බව කියන තරුණයෙක් බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත පදිංචි අවුරුදු තිහක් වයස තරුණයෙකි.

මොහු තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටින්නකු බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම සොරකම් සිදුකර ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවීයැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම බැංකු දෙක කඩා සොරා ගත් රන් භාණ්ඩ තොගය විකුණා ලබාගත් මුදල්වලින් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් ක්‍රීඩාවට කැසිනෝ ක්‍රීඩා කළ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි සඳහන්..

වෙන්නප්පුව අංගම්පිටිය සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා ඒ තුළ තිබියදී සොරා ගත් රුපියල් කෝටි හයක මුදලකින් කොටසක් වියදම් කර වෙන්නපුව ප්‍රදේශයේ අයකුගෙන් මොහු මෝටර් රථයක් ද මිලදී ගෙන ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

චෝදනා රැසයි – ලංකාව කබඩි තරග දෙකත් පරදී.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ පළමු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

ඒ කෙන්යාව සහ තායිලන්තය හමුවේයි.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය දෙවන පරාජය ද ලැබීමට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට සිදු විවුණා.

ඒ, තායිලන්තය හමුවේ ලකුණු 41ට 17ක් ලෙස පරාජය වීමත් සමගය.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයද කෙන්යාව හමුවේ ලකුණු 56ට 28ක් ලෙස දරුණු පරාජයක් ලැබුවා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි නොවූ කණ්ඩායමක් සහභාගී කරවා ඇති බවට පසුගියදා කබඩි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක් චෝදනා එල්ල කර තිබුණා.

පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලංකාව පරදී.

20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ.

අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්තේය.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39ට කඩුලු දෙකක් දවාගත්තා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදීද නෙදර්ලන්තය සමඟ තරගයක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යවා තිබුණේ නැහැ.

ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිිතකරුවන් අසාර්ථක වෙද්දි වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 43ක් රැස්කිරීමට සමත්වුණා.

දසුන් ශානක ලකුණු පන්දු 20කදී නොදැවි ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය මැයි 31 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ගත්ත වීඩියෝ කොල්වලින් කරපු හරියක්.

දහ හත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි (18) හැවිරිදි පාසල් සිසුවක්.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ 1උපකාරක පන්තියකට යමින් සිටියදී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසැල් සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැන ගෙන ඒ පිළිබඳව විපරම් කිරීමේදී පෙම්වතාට නිදන්ගත රෝගයක් හට ගෙන ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාවය නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර තිබෙනවා.

පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර මේ බව දැනගත් අදාල තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යමින් සිටි කාලයේදි වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා ලද පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂොට් මාර්ගයෙන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍්‍ය වෙත මුදාහැර තිබෙනවා.

මෙම ඡයාරූප අදාල සිසුවියගේ මිතුරියන් කිහිප දෙනෙකු දැක අදාල සිසුවියට දැන්වූ පසු මේ සම්බන්ධව පොලීසියට කල පැමිණිලිලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

අදත් තද වැසි – සුළං තත්ත්වයත් වැඩියි: අද කාලගුණය.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළඟ පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අනියම් බිරිඳෑවරු දෙදෙනා සමඟ එක්ව බිරිඳ #මැරූ සැමියෙක්.

ළිඳකට පැන සියදිවි හානි කරගත් බව කියන කාන්තාවගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමෙන් පසු ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙක් මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සියදිවි නසා ගත් බවට ඇගේ සැමියා පොලිසියට ප්‍රකාශ කර ඇත.

වව්නියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නැමැති කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, කලක් ගතවීමේ දී ඇගේ සැමියා එම ප්‍රදේශයේම වෙනත් කාන්තාන් දෙදෙනෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔහු එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරිඳගේ ගෙල සිරකොට ඝාතනය කර සිරුර ළිඳට දමා ඇති අතර පසුව ඇය ළිඳට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව මුල්ලියාවලෙයි රෝහලට ඇතුලත් කර ඇත.

දේහය පිළිබඳ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කාන්තාව ළිඳට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වීමෙන් පසු එය ඝාතනයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව සැකපිට ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිදුවීම පාපොච්චාරණය කර ඇත.

එහිදී සැකපිට අනියම් ඇසුර පැවැත්වූ කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රනිල්ගේ නිවස ගිනි තැබූ බවට සැක කරන තවත් අයෙක් හසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගුරුවරයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අරගල සමයේ ඉකුත් මැයි මස 9 දින රාත්‍රියේ අරගලකරුවන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.