Home Blog Page 44

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් හාමතේ.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා.

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් වුණා.

පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසද කමිටුව උපදෙස් දුන්නා.

මේ අතර අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බව කාරක සභාවේදී හෙළිවුණා.

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දවස නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවයි.

“අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි. අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි. අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න.”

යුද්ධ හමුදාව අඩු කරන්න සුදානම්.

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයිනවා.

ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි.

“යුද කාලෙන් පස්සේ වර්තමාන සහ අනාගත තර්ජන සැලකිල්ලට ගෙන විශ්ලේෂණයක් කරලා අපේ රටට ගැළපෙන ආකාරයේ හමුදාව සකස් කරගැනීම තමයි ජනාධිපතිවරයාගෙත් රජයේත් ආරක්ෂක මණ්ඩලයේත් බලාපොරොත්තුව. ඒ අනුව ආරක්ෂක සමාලෝචනය 2030 කියන වැඩසටහන යටතේ වෙනම විද්වත් මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ අනුව අපි සංඛ්‍යාත්මක වශයෙන් හමුදාව 208,000ක කාඩර් එකක් ඉන්නවා. ඒක ලක්ෂයක් දක්වා ගේන්න තමා අපේ බලාපොරොත්තුව. අපි කිසිම කෙනෙකුව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සංඛ්‍යාත්මකව අපි හදලා තියෙනවා ස්වභාවිකව හමුදාවේ අඩුවීම ගණනය කරලා 2030 වන විට ලක්ෂයක ප්‍රමාණයක යුද හමුදාව තබා ගැනීම තමා අපිට දැනට තියෙන බලාපොරොත්තුව. ඒ වගේම නාවික හා ගුවන් හමුදාව ශක්තිමත් කරන්න ඕනේ. භූගෝලීය වශයෙන් අපි ඉන්නේ ඉතාම සංකීර්ණ වැදගත් තැනක. ඒ නිසා නාවික හමුදාව ශක්තිමත් කිරීමත් අපි වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.”

මේ අතර හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ පුද්ගලයින් හට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළේය.

“පොදු සමාවක් ලබාදුන්නා නීතියානුකූල නොවන අයුරින් හමුදාවෙන් පිටව ගිය අයට. මේ මස 20 වනදා එම පොදු සමා කාලය අවසන්වීමට නියමිතව තිබෙනවා. දැනට 15,000ක් පමණ පොදු සමාව ලබාගන්න ඉදිරිපත් වෙලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය මට ලබාදුන්න තොරතුරු මත. නමුත් අපි දකිනවා මේ ට්‍රෙන්ඩ් එකේ වෙනසක්. 2024 මාර්තු මාසයේ හමුදාවෙන් නීතියානුකූල නොවන ආකාරයට ඉවත් වූ සංඛ්‍යාව 357යි. නැවත වාර්තා කළ ප්‍රමාණය 799යි. හැර ගියාට වඩා වාර්තා කරපු සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ වසර ගණනාවකින් කියලා තමයි මට තියෙන තොරතුරු අනුව දැනගන්න තියෙන්නේ. අපි පොදු සමාව දීර්ඝ කරන්න බලාපොරොත්තුවක් නෑ. වෘත්තීමය ත්‍රිවිධ හමුදාවක් අපිට ඉන්නේ.”

ලොව ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තා පොතට යන්න හදන ලංකාවේ ලොකුම තොරණ.

පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.

ඒ ලොව ලොකුම තොරණ ලෙසයි. එමෙන්ම පසුගිය 2023 වසරේදී එය ශ්‍රී ලංකාවේ විශාලම තොරණ ලෙසද අභිශේක ගනු ලැබුවා.

පුවක් කොට යොදා ගනිමින් දැනට ඉදිකෙරෙමින් බවති මෙම තොරණ සඳහා මෙවර පුවක් කොට 400කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවයි එම තොරණේ නිර්මාපකයින් පවසන්නේ.

මෙවර පුන් පොහෝ දින සිට නන්දිවාණිජ ජාතක කතා වස්තුව පිලිඹිබු කරන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා බොහෝ පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් වැඩ කටයුතු කරනු ලබනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙහි ප්‍රධාන නියමුවා වන පානදුර එක්සත් පොදු වෙළඳපොල බෞද්ධ සමිතියේ සභාපති දේශබන්දු ලංකාපුත්‍ර මහේෂ් ප්‍රනාන්දු පවසන්නේ මෙවර තොරණ අඩි 82ක් උසින් සහ අඩි 86ක් පළලින් යුක්ත බවයි.

තොරණ අලංකාර කිරීම සඳහා විදුලි බුබුලු එක්ලක්ෂ දසදහසකට ආසන් ප්‍රමාණයක් උපයෝගි කර ගත් බවත් ඔහු පවසනවා.

තවද බුරුමය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල් වලද තොරණ් ඉදිව ඇති නමුත් මෙතරම් විශාල තොරණක් ඉදිව නොමැති බවත් මේ හේතුව මත මෙම තොරණ ගිනස් වාර්තා අතරට ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඔහු පවසනවා.

තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් ප්‍රකට කලාකරුවෙකු වන වර්ණගේ සසිත චතුරංග කටයුතු කරනු ලබනවා.

ඉන්දියාව Semi Final ගහන ක්‍රීඩාංගණයත් තීරණය කරලා.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 15කට වඩා ඉතිරිව තිබියදී ඉන්දියාව, එම තරගාවලියේ අවසන් පූර්ව තරගය ක්‍රීඩාකරන ක්‍රීඩාංගණයත් මේ වනවිට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එම වාර්තාවන්ට අනුව ඉන්දියාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නේ නම්, ඔවුන් ක්‍රීඩා කරන්නේ ගයානාහි ජුනි 27වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයයි.

මෙවැනි පුරෝකථන තීරණයක් ගැනීමට හේතුවී ඇත්තේ ඉන්දියාව හා කොදෙව් දූපත් අතර ඇති පැය 9.30කට ආසන්න කාල වෙනසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වෙන අතර, එම තරගය ජූනි 26වැනිදා කොදෙව් වේලාවෙන් රාත්‍රී 8.30ට ඇරඹීමට නියමිතයයි.

කෙසේ නමුත් කාල ප්‍රමාදය හේතුවෙන් එය ඉන්දීය වේලාවෙන් ඇරඹෙන්නේ ඊට පසුදින එනම් ජුනි 27 වැනිදා පෙ.ව. 6.00යට.

ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් ජනප්‍රිය වුවත්, මෙවැනි කාල සීමාවක තරගයක් ක්‍රියාත්මක වීමෙන් විකාෂණ සමාගම්වලට මූල්‍යමය වාසි අත්කරගැනීමට නොහැකි බව සඳහන්.

මේ හේතුවෙන් ඉන්දියාව යම් හෙයකින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවොත් ඔවුන් ක්‍රීඩා කරනුයේ ගයනාහිදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයටයි.

මෙම තරගය ජූනි 27වැනි කොදෙව් වේලාවෙන් පෙරවරු 10.30ට කිරීමට සැලසුම් කර ඇති අතර, එය ඉන්දීය වේලාවෙන් ක්‍රියාත්මක වන්නේ එදිනම රාත්‍රී 8.00ටය.

එය ආසියානු කලාපයේ තරගයක් පැවැත්වෙන සාමාන්‍ය තත්ත්වයක් හා සමාන බැවින්, රූපවාහිනිය සමගින් එක්වන ප්‍රේක්ෂක සංඛ්‍යාවද ඉහළ අගයක් ගනු ලබයි.

මේ හේතුවෙන් ඉන්දියාවේ වැඩි කැමැත්ත දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට බව සඳහන්.

වසර හතරක පසු ඇහෙන අනුවේදනීය කතාව මෙන්න.

මේ කියන්න යන්නේ මීට වසර 4කට පෙර අපි කාටත් අත්විඳින්න ලැබුණ භයානක අත්දැකීමක් ගැන කතාවක්..

කොවිඩ් කියන්නේ ලෝක වසංගතයක්..

ඒ ගැන ලෝකයට නිල වශයෙන් අනාවරණය වන විටත්, ගොඩක් දෙනෙක් ඒ නිසා බියට පත්වෙලා.. ඒ වගේමයි වසර 4කට පස්සේ මුල්වතාවට මේ ගැන මාධ්‍යයට අනාවරණය කළ මාධ්‍යවේදිනියට මොකද වුණේ..?

මේ ඒ ගැන ඇහෙන කතාවයි.. චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය ගැන නැවතත් කතාබහක් ඇති වෙලා.. මේ වන විට නිදහස ලබාදීමට සූදානමක් පවතින බවයි ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ..

හිටපු නීතිඥවරියක වන ෂං ෂාන් නමැති එම මාධ්‍යවේදිනිය වසර 2020 මැයි මාසයේදී අත්අඩංගුවට පත්වී ඇත්තේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ චීන රජයේ ප්‍රතිචාර සොයා බැලීම සඳහා වූහාන් නගරයට ගොස් එහි තොරතුරු වීඩියෝ ගතකර සමාජ මාධ්‍යජාලයට මුදා හැරීම හේතුවෙන් බවයි වාර්තා වුණේ..

සිරගතවි සිටින අතරතුර ඇය නිදහස වෙනුවෙන් උපවාසයක නිරතව සිටි බවත්, එම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඇය දුර්වල තත්ත්වයෙන් පසුවූ බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත්, වුහාන් නුවරට ගොස් කොවිඩ් වසංගතය පිළිබඳ ගවේෂණයක නිරත වීම සිර දඬුවමට ලක්වීමට ඇය විසින් සිදු කරනු ලැබූ අපරාධය බව ඇයට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළ බව ද ඇගේ සහායක නීතිඥවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

ෂං ෂාන් නැමති මේ මාධ්‍යවේදිනිය සිර දඬුවමින් නිදහස් වුවද, මාස තුනක පමණ කාලයක් ගතවනතුරු ඇයට කිසිදු පුද්ගලයකු සමඟ සම්බන්ධතා පැවැත්වීමටත්, බාහිර ලෝකය සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ..

ඇසළ පෙරහර පැවැත්වීමට අලි ප්‍රශනයක්.

මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමේ දී බාධාවක් මතුව තිබෙනවා.

ඒ, එම කාලයේ දී සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර යෙදීම හේතුවෙන්.

එම නිසා අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බවයි, හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මෙම ගැටලුවට පිළියමක් ලෙස පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහර සඳහා යොදා ගැනීමට නියමිතයි.

සතර මහා දේවාවලවල පෙරහර සඳහා ද මෙම ගැටලුව ඇති බවයි, හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු පිරිස මෙන්ම ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ යකා නැටු “මව” අත්අඩංගුවට.

අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීම උත්සහ කිරීම හේතුවෙන්.

අනුරාධපුර – ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අනුයුක්ත කර ඇති අතර, එම විද්‍යාලයේ සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

අනතුරුව එක් සිසුවෙකුගේ මවක් මෙලෙස එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භක දිනයේ සිට මේ දක්වා එම සිසුන් දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබෙන බවත් පෙරේදා උදෑසන එම බහින්බස්වීම් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් සඳහන්.

එම ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව, දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරිමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.