Home Blog Page 8

ගුරු – විදුහල්පතිවරුන් හෙට සිට අකුරට වැඩ. සති දෙකකට පසු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි වෙයි

හෙට (22) සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තතීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින්.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය 19 වැනිදා අධ්‍යාපන බලධාරින් අතර පැවැත්වුණා.

ඊට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරින් එක්ව සිටි බව සඳහන්.

එහි දී පවතින වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් පිළිගත හැකි යෝජනා ඉදිරිපත් නොවූ බවයි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් අවධාරණය කළේ.

ඒ අනුව ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද උන්වහන්සේ අවධාරණය කළා.

ඉන් අනතුරුව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව ද පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් අනතුරු ඇඟවීමක් සිදු කළා.

ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්, ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැක්කා

සර්වජන ඡන්ද බලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැකි එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි, ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ. එය රැක ගැනීමට තමන් කැපවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පත ගැසට් කර ඇති පසුබිමකයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ‘ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා’ යන වචනය වෙනුවට ‘ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ’ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවා යන වචනය ආදේශ කිරීමෙන් මෙම සංශෝධනය සිදු වනු ඇති.

කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ, එය ගැසට් නොකරන ලෙසට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහලට.

ලංකා සතොස ආයතනය මගින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19) සිට ලබා ගත හැකි බවයි වාතථා වන්නේ.

බිත්තර නිෂ්පාදකයින් බිත්තරයකින් රුපියල් 25ක දැවැන්ත ලාභයක් හොයයි.

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාබයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව එහි සභාපති අනුර මාරසිංහ මහතා සඳහන් කළේය.

එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බව අනුර මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුපකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න යයි.

2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත.
අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුල් ගල තබනු ලැබීය.

නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් රටක වුවද ලාභ ලබමින් ජනතාවට ඉහළ මට්ටමේ සේවා සැපයිය හැකි බවත් මේ ආදර්ශය අකුරැස්ස සමුපකාරය විසින් සමාජයට ලබා දෙමින් සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ ආකාරයටම හැකියාව, දක්ෂතාව සහ කැපවීම සහිත, රට ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති පුරවැසියන්ගේ එකතුවක් වූ ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ අභියෝගයද බාරගත හැකි බව විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.

2005 වසරේදී “සම්මුතියේ ආදර්ශය හෙට දවසේ රටට” තේමාවේ බලාපොරොත්තුව ඇතිව සමුපකාරය සුරැකීමේ සංවිධානය පැමිණි ගමන ඉතාම ප්‍රශංසනීය බවත් සමුපකාරය ලැබූ ලාභයෙන් කෝටි 17ක් වැය කොට මහල් පහකින් යුතු නවීන සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ඉදිකර ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබ ඇති තීරණය පිළිබඳව සතුටු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අකුරැස්ස විවිධ සේවා සමිතියේ ආරාධනය පරිදි මේ අවස්ථාවට දකුණු පළාත් සමුපාකාර සංවර්ධන කොමසාරිස් කේ.පී.ජි.සුමිත් ශාන්ත ප්‍රධාන සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගරුසිංහ, අකුරැස්ස දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී මානක විදානපතිරණ ප්‍රධාන වෛද්‍යවරුන්, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරියන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ව්‍යාපාරික ප්‍රජාව, සමුපාකාර කාර්යමණ්ඩලය, සාමාජිකයන් සුභපතන්නන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

වසර 20ක් පමණ සමිතියේ සභාපති ලෙස කටයුතු කරන ඩබ්.ටී.කේ. රාජපක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපවීම් හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ අංක එකේ සමුපකාරයක් බවට අකුරැස්ස සමුපකාරය පත්වී ඇත.

හර්දික් – නටාෂා නිල වශයෙන්ම වෙන්වන බව නිවේදනය කරයි.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ සර්බියානු රංගන ශිල්පිනි නටාසා ස්ටැන්කොවික් සිය වෙන්වීම ‘නිල වශයෙන්ම’ නිවේදනය කරලා.

ඒ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා.

හර්දික් – නටාසා යුවළගේ වෙන්වීම ගැන ‘කටකතා’ පැතිරෙන්න ගත්තෙ මීට කාලෙකට ඉස්සර. නමුදු ඊට ඔවුන් වෙතින් කිසිදු නිල තහවුරු කිරීමක් කරලා තිබුණෙ නෑ.

ඒ නිසාම කවුරුත් අනුමාන කළා ඔවුන්ගේ වෙන්වීම ‘හුදෙක් කටකතාවක් ම’ විතරයි කියලා.

නමුදු මෑත කාලීනව එළියට ආව යම් යම් සාක්ෂි මත ආයෙමත් ඔවුන්ගේ වෙන්වීම ගැන කවුරුත් අවදානය යොමුකරන්න ගත්තා කිව්වොත් හරි.

එවන් වටපිටාවකයි හර්දික් වගේම නටාසාත් සිය වෙන්වීම ගැන මෙලෙස ‘නිල වශයෙන්ම’ දැනුම් දීලා තිබුණෙ.

ඒ, ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පසුව !

”අවුරුදු 4ක් එකට ඉඳලා හර්දික් සහ මම අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වෙන්න තීරණය කළා. මෙය අප දෙදෙනාගේම යහපතට හේතු වන බව අපි විශ්වාස කරමු. අගස්ත්‍යාගෙන් අපි ආශීර්වාද ලබන අතර ඔහුගේ සතුට සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම ඔහුට ලබා දීමට අපි සහය වන්නෙමු. මෙම දුෂ්කර හා සංවේදී කාලය තුළ අපට අපේ පෞද්ගලිකත්වය ලබා දීමට ඔබගේ සහයෝගය සහ අවබෝධය අපි අවංකවම බලාපොරොත්තු වෙමු.

හර්දික්/නටාසා ”

හර්දික් සහ නටාසා 2020 වසරේ Covid-19 වසංගතය අතරතුරයි විවාහ වෙන්නෙ. එම වසරේම ජූලි මාසයේදී ඔවුන් සිය පුත් අගස්ත්‍යාව පිළිගන්නවා.

පසුව ඔවුන් 2023 වසරෙ පෙබරවාරි මාසයේදී විශාල උත්සවයක් පැවැත්වීමටත් කටයුතු කරලා තිබුණා.

ඔවුන් දෙදෙනා පෙම් සබඳතාවක් පවත්වන බවට පළමු කටකතා පැතිර ගියේ 2018 දී පමණ. 2019 දී instagram සටහනක නටාසා විසින් පාණ්ඩ්‍යාව හඳුන්වා තිබුණෙ ‘හොඳම මිතුරා’ හැටියට.

මෙවර ජනාධිපතිවරණයේ දී සිදුවන අලුත් දේ.

මෙවර ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙරට ඡන්දයකදී මෙම අවස්ථාව ලබාදෙන්නේ පළමුවරටයි.

දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ඔහු පැවසුවා.

මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.